"ඒ ජේකේ නේද…. ඔව් එයාම තමා අර එයාගෙ හියුන්ග් ගෙ බබානේ.. "
"ජේකේ… "
"ජන්ග්කුක්.. "
"ඔය මනුස්සයා- "
එතනින් එහාට මන් ගැන බොරු කැත කතා ගොඩක් මගෙ කනටම ඇහෙද්දි මන් හුඩි කැප් එක ඔලුවට දාන් මගෙ අතෙ එල්ලීලා හිටිය ලචීව වඩාගෙන මගෙ පපුවටම තුරුල් කරන් ගන්න ඕනෙ කරන බඩු ටික ඉක්මනට තෝරගෙන ඇවිත් කැශියර් එකෙන් බිල් කරන් පුලුවන් තරම් ඉක්මනට එලියට ආවෙ කවුරුත් මාව කන්න වගෙ ඇඟට කඩාගෙන පැන්නෙ නැති එකට පින් දිදී.ඉස්සර වගෙ ඔටෝග්‍රාෆ් ගන්න කට්ටිය පොරකන්නෙ තියා ඔටෝග්‍රාෆ් ඉල්ලන් එකෙක්වත් එන්නෙ නැති එක ගැන දුකක් තිබ්බත් සතුටු වෙන්න පුලුවන් වුනෙ යහතින් එන්න හම්බුන නිසා.
"ආයෙ.. මන් කීයටවත් එලියට එන්නෑ ලචී ඔයා එක්ක. ඔයාට මොනාහරි වුනා නම් මන් මොනාද කියන්නෙ ගෙදරට.. "
"මොකුත් වුනේ නෑනෙ ඇයි.. "
"ඔයාට මොනවාත් තේරෙනෑ කෙල්ල.. "
මන් ලචීගෙ කම්මුල ඉඹලා එයාව බිමින් තිබ්බෙ පාරෙ යන ටිකට කවුරුත් අපිට කරදර කරන්න එන්නැතිවෙයි කියලා හිතුන නිසා. පාරෙ මිනිස්සු වැඩිය යන්නේ එන්නෙ නැති කොට දකින කීපදෙනෙක් එයාලා එයාලා අතර මන් ගැන මොනවදො කුටු කුටු ගානවා ඇහුනත් ඒවා ගනන් නොගෙන මන් ලචීවත් අල්ලන් ඇවිදන් ආවෙ ඉස්සර හිටිය ජේකේගෙයි දැන් ඉන්න ජන්ග්කුක් ගෙයි වෙනස හිත හිත.
අපේ පස්සෙන් වාහනයක් ගොසක් හිමින් එනව වගෙ දැනුන සැකේට මන් ටික දුරක් ගිහින් ලචීව වඩගෙන පිටිපස්ස හැරුනෙ ඒක මගෙ හිතෙ සැකයක් විතරක් ද කියලා තහවුරු කරගන්න.
"නගිනවා පණ්ඩිතයා.. පොඩි එකෙක්ව බලාගන්න තවත් පොඩි එකෙක්ටම දුන්නම ඔහොමයි.. "
"හෝසොක් හියුන්ග් ඔයා කොහෙද මෙහෙ"
මොකද්දො වාසනාවකට ඒ හෝසොක් හියුන්ග්ම වුනා. හෝසොක් හියුන්ග් වාහනෙ පාර අයිනෙ නවත්තලා ඇවිත් ලචීව එයාගෙ අතට අරන් එක අතකින් මන් කණ මිරිකුවෙ පාර අයිනෙ ඉඳන්ම මන් රිදෙනව කියලා කෑ ගහද්දි.
"කෑ නොගහා නගිනවා කාර් එකට.. ගහන්න පුලුවන් මට ඉතින් .."
හෝසොක් හියුන්ග් අපිව ගෙදර ගෙනත් දාලා නූනාත් එක්ක එකතු වෙලා මට දෙහි කපද්දි අපිට කිසිම කරදරයක් වුනෙ නෑ කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ කියලා ඔප්පුකරන්න මන් සෑහෙන්න වෙහෙස වුනා.
YOU ARE READING
YOU were the REASON that I Survived ❤ |JK| Completed]
Fanfiction"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කත...