59

187 41 10
                                    


කාලයක් මන් හියුන්ග්ගෙන් ටොක්කක් ඇනගන්නත් ආසාවෙන් හිටියා ඒත් දැන් මන් ඕනවටත් වඩා හියුන්ග්ගෙන් ගුටිකන්න අරන්. ඉස්සර මට පොඩි හරි සතුටක් ගෙනාවට දැන් හියුන්ග්ගෙන් බැනුම් ඇහුවම ගුටිකෑවම ගොඩක් රිදෙනවා එහෙම සතුටක් නෑ. සමහරවිට හියුන්ග්ටත් රිදෙනවා ඇති. හිත.  හියුන්ග්ගෙන් ගුටිකාපුවගෙ සැප නිසාද මන්දා මට නින්ද ගියා පස්සට ඉර පායනකන්ම. ලචී ඇවිත් මගේ කොන්ඩෙන් අදිනකොට රිදෙන නිසායි ඒ ඇහැරුනේත්.

"ලචී...."

මන් නිදිමතේම එයාව උස්සලා ඇඳට ගත්තා.

"ගුඩ් මෝනින් ලචී... "

මන් එයාගෙ මූන පුරාම ඉඹගෙන ගියාම එයා අනික් අතට මාව හපන්න ගත්තා.

"යාහ්...ඌයි.. රිදෙනවා හපන්නෑ... "
මන් හිතන්නෙ මන් ගේම දෙදරන්න කෑ ගැහුවා.

"මන් ඔයාව කොනිත්තනවා හොඳද... "

මන් එයාව ලාවට කෙනිත්තුවාම එයාගෙ දත් මගෙ අහින්සක උරහිස අතෑරියා. එයා අඬයිද කියලත් බය හිතුනට එයා ඇඬුවෙ නෑ. මන් රිදෙන්න කෙනිත්තුවෙ නෑනෙ. ඒත් එයා මට රිද්දුවා. ඒක නම් තුවාල වෙන්නම හැපුවද මන්දා කියලා හිතලා මන් අල්ලලාත් බැලුවෙ ඒ තරමට රිදුන නිසා.

"ඔයා නම් හරිම නෝටි ගර්ල් කෙනෙක් ... "

"ලචී ගුඩ්.. ගර්ල්.. ! "
එයා තොල් කනපිට හරවගෙන කිව්වා.

"ඔව්.. ගුඩ්.. නිදාගත්තාම. "

"ඔයත් එච්චර තමා හැබැයි... මොකද කෑ ගැහුවෙ.. "

නූනා රූම් එකේ දොරකඩ හිටන් හිටියා .

"අහ්.. නූනා.. මෙයා.. හපනවානෙ"

"ලචී!! එයාව හපලා හපලම ඉවරයක් කරලා දාන්න. ඔයාගෙ බාප්පා හරිම නෝටි බෝයි කෙනෙක් නිසා. "

"හහ්.. මොකා.. නූනා. "

ලචී ඔම්මාටම කීකරු ලමය වගේ ආයෙම මාව හැපුවා.

"ලචී... ඔයා ආසද මට රිදෙනවට.. "

"ම්හු... ලචී ආත නෑ කුකීත සිදෙනවත.. "

ඇති යන්තම් එයා හපන එකක් නෑ ආයෙ. මන් එහෙම හිතාගත්තා. හිතාගත්තා ට එයා ආයෙම මාව හපලා පැනලා දිව්වා. ඇඳෙන් බිමට පැනපු විදියට මට හිතුනෙම වැටෙයි කියලා.

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Onde histórias criam vida. Descubra agora