61

204 42 45
                                    

මන් ඇහැරෙද්දි අතේ තිබ්බ කැනියුලා එක දැක්කම මට මතක් වුනා මන් හොස්පිටල් ඉන්නෙ කියලා. කවුද කෙනෙක් මගෙ අනික් අත අල්ලගෙන ඉන්නවා කියලා දැනෙද්දි මන් දැක්කා ඒ නූනා කියලා. නූනා මගෙ අත එයාගෙ හීනි ඇඟිලි අස්සෙ ගුලි කරන් බෙඩ් එකට ඔලුව තියන් නිදාගෙන හිටියා.

"නූනා"

"අ... අහ්.. කුකී.. ඔයා ඇහැරිලා. ගුඩ් මෝනින් පැටියො.. "

නූනා මගෙ නලලට කිස් එකක් දුන්නා.

"ලචී.. කෝ.. නූනා ඇයි ආවෙ.. "

"ලචී අප්පා එක්ක ගෙදර තියලා ආවෙ... ඔයාට කොහොමද දැන්.. ජුන් ඊයෙ මාව ලචී එක්ක ගෙදර යැව්වට, මන් ගොඩාක් බය වෙලා හිටියෙ කූ.. "

"මන්... හොදින්.. "

ඇත්තටම මට ඊයෙට වඩා ලොකු  හොඳක් දැනුනා ඇඟට. මන් නූනා එක්ක හිනාවෙලා ඇඳෙන් බහින්න උත්සහ කලේ ඊයෙ රෑ ඉඳන් තද කරගෙන හිටිය ඒවා තවත් ඉවසන් ඉන්න බැරි නිසා.

"කොහෙද යන්න හදන්නෙ... "

"බාත් රූම්... "

"ඔහ්... හා . ඔයාට පුලුවන් ද.. "

"ම්.. දැන් හොඳයි මට.. "

හොඳයි හොඳයි කිව්වට ඇඳෙන් බිමට අඩිය තිබ්බ ගමන් මාව වැටෙන්න වගේ ගියා. යන්තම් සේලයින් එක එල්ලලා තියන රැක් එක අල්ලන් කෙලින්වෙලා ඒකත් ඇදගෙනම මන් බාත් රූම් එකට ගියෙ බාත් රූම් යන්න නූනාගෙන් උදව් ගන්න කොහොමත් බැරි නිසා.

"මන්.. දොර ලොක් කරන්නෑ.. ඇතුලට එන්න එපා හරිද.. "

"හරී අනේ මන් දන්නවා... "

මන් දොර බාගෙට වහගෙන බාත් රූම් එකට ගියෙ නූනාට වැරදිලාවත් එන්න එපා කියලා.

"නූනා............. "

"ඔහ්.. ඇයි කෑ ගැහුවෙ.. මන් බයවුනා. "

"කවුද මගෙ ඇඳුම් මාරු කලේ.. "

මන් ඇඳන් ඉන්නෙ හොස්පිටල් එකේ ඇඳුම කියලා මෙච්චර වෙලා දැක්කෙ නැති මම බාත් රූම් එකේ කන්නාඩියෙන් ඒක දැක්කම කරන්න ගිය වැඩේ නොකර බාත් රූම් එක ඇතුලෙ ඉඳන් කෑ ගහ්ද්දි නූනා බාත් රූම් එක ඇතුලට එබුනා.

"අහ්... මන් බය වුන තරමක්.. ජුන් වෙන්නැති.. වෙන කවුද.. "

"අහ්.. මන් නූනාට කිව්වා ඇතුලට එන්න එපා කියලා.. "

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Onde histórias criam vida. Descubra agora