78

117 32 3
                                    

එදා රෑ වෙලා උදේ වෙනකනුත් මන් හොස්පිට්ල් එකේ මැශින් ගොඩක් මැද වටවෙලා ඉන්න මගෙ චූටි පැටියා දිහා වීදුරු බිත්තියේ එල්ලීගෙන බලන් හිටියා. අඩුමගානෙ එයා මන් වගේ ඉන්නවද කියලා බලාගන්නවත් විදියක් නෑ ඈතට. එතන ඒවගෙ තව බබාලා හිටියා. මන් දන්නවා මෙහෙම හිතන එක වැරදී කියලා ඒට්ත් මගෙ හිතට සැනසීමක් ආවා මන් නෙවේ මේ දුක විඳින එකම අප්පා නිසා.

"ජන්ග්කුක් අපි කමු.. අඩුගානෙ වතුර ටිකක්වත් බොනවා මනුස්සයො.. කුකී.. ඇයි මේ.. ඊයෙ හවස ඉඳන් මෙතනමනෙ.. නිදිමත නැද්ද.. ගිහින් නිදාගමු.. "

නිදිමතටත් වඩා කකුල් පනනැතුව වැටෙන ගතියක් දැනුනත් මන් අමාරුවෙන් හිටගෙන බලන් හිටියා බබා දිහා. 

"දන්නවද හියුන්ග් මට ඕනෙ වුනේ ඉපදුන ගමන් එයාව අතට ගන්න. හරියට ලචීව මන් අතට ගත්තා වගේ.. මට වාසනාවක් නෑ හියුන්ග්. මගෙ කරුමෙට මට එයාව මේ විදියට දකින්න වුනා.. මොනතරම් අමාරු ඇතිද හියුන්ග් හැම තැනින්ම එක එක ඒවා හයි කරලා.. ඒ හැම වේදනාවක්ම මට ගන්න පුලුවන් වුනා නම්… "

මන් කඳුලු අස්සෙන් බබා දිහා බලාගෙන මිමිනුවා. හියුන්ග් මගෙ උරහිස් මිරිකන්න ගත්තා මුකුත් නොකියාම.

"එයා හොඳ වෙයි. ඉක්මනටම…"

"හ්ම්"

හියුන්ග් හෝසොක් හියුන්ග් නූනා අප්පා කවුරු ඇවිල්ලා මොනවා කිව්වත් මන් ඇදගෙන වැටෙනකන්ම එතන හිටගෙන ඔහේ බලන් හිටියා.

.

.

.

.

"හියුන්ග්… "

"ඊයෙ උදේ ඉඳලා අද දවල් වෙනකනුත් කෑමක් නෑ. තමුසෙත් හොස්පිට්ල් එකේ නවතින්නද හදන්නෙ ආ.. ප්‍රශ්නයක් ආවම මූනදෙන්න ඉගෙනගන්නවා.."

හෝසොක් හියුන්ග් මන් ඇස් ඇරිය ගමන් මට බැනගෙන බැනගෙන ගියා. වට පිට බලද්දි මන් ඉන්නෙ ගෙදර සෝෆා එක උඩ කියලා තේරුනා

"මන් ගෙදර ආවෙ කොයි වෙලේද.. ජීයුන් කෝ.. මගෙ බබා කෝ.."

"යාහ්.. ජන්ග්කුක් මේ අහනවා.. එයාලා ගැන බලන්නත් ඔයා හොඳින් ඉන්න ඕනෙ.. දැන් මේක බොන්න.. ජන්ග්කුක් මගෙ යකා අවුස්සගන්න එපා."

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Tahanan ng mga kuwento. Tumuklas ngayon