Meenu pov .....කොන්සට් කොන්සට් කොන්සට්........ ඉවරයක් නැති කොන්සට් පෝලිමක් එක දිගට වැටුනත් අපි කාටවත් ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ . මොකද දැන් අපි ඒ ජීවිතේට හුරු වෙලා . මේ දවස් වලත් අපි කොන්සට් එකට LA ඇවිත් ඉන්නෙ.
උදේ ඉදලා තිබ්බ වැඩ කන්දත් එක්ක මන් ඉදියේ පුදුම ස්ට්‍රෙස් එකක. ඒ අස්සෙ කුකී ඇවිත් බීච් යන්න කතා කලත් මන් නොගියෙ මේ වැඩ ටික අදම ඉවර කර ගත්තොත් හෙට දවසම මට නිදහසේ ඉන්න පුලුවන් නිසා . ඊටත් උදේ ඉදලා මට මහ අමුත්තක් දැනෙනවා. කුකීට ඉන්න කියන්න ඕනි උනත් එයාගෙ සතුට නිසා අනිත් ඔප්පලා එක්ක එයාට බීච් යන්න කියලා මන් රූම් එකට වෙලා ඉදියා 😔
කුකීලා ගිහින් ටික වෙලාවකින් වැඩටික ඉවර උන නිසා වොශ් එකකුත් දාගෙන ඇදට වැටිලා ෆෝන් එකේ තිබ්බ කුකීගෙයි මගෙයි ෆොටෝස් බල බල ඉදියේ කම්මැලි නිසා . ඒ ෆොටෝ අතරින් කුකී මට ප්‍රපෝස් කරපු දවසෙ ගත්ත එක ෆොටෝ එකක් ලග මගෙ ඇගිලි ඉබේම නතර උනේ මගෙ මූනටත් පුංචි හිනාවක් එකතු කරන ගමන්. මොකද ඒ දවස තමා මගෙ ජීවිතේ මන් වැඩිපුරම කැමති දවස.
මුලදි මුලදි මම කුකීගෙ මේකප් ආටිස්ට් උනාට කවුරුවත් මාව වැඩිය ගනන් ගත්තෙ නෑ . මන් මුලින් හිතුවෙ එච්චර ලොකු අයිඩල්ස්ලා මෙහෙම අපි වගේ සාමාන්‍ය සේවකයො එක්ක කොහොමත් අතේ දුරින් ඉන්න ඕනි කියලා . ඒත් මන් වැරදි කියලා මට තේරුනේ මන් ඇරෙන්න ස්ටාෆ් එකේ අනිත් හැමෝමත් එක්ක එයාල හොදින් කතා කරන නිසා . අඩුම හැමෝම එක්ක කතා කරන ජිමින් හොබී ඔප්පලා වත් මාත් එක්ක හිනා වෙලා කතා කලේ නෑ .
එයාල මට කැමති නෑ 😥 අන්තිමට මන් තීරනේ කලේ එහෙම . ඔව් ඒක හරි . ටික දවසක් යනකොට තමා මන් දැන ගත්තෙ මට කලින් මේ පෝස්ට් එකේ ඉදපු සිතූ එයාලගෙ පවුලේ කෙනෙක් තරමටම ලග කෙනෙක් කියලා . ඉතින් එයා එකපාරටම ගිය නිසා එයාලට දුක ඇති ටික දවසකින් හරියයි කියලා ඉදියත් හරිගියෙ නෑ . ජන්කුක් , නම්ජුන් ඔප්පලා ඇරෙන්න අනිත් කවුරුවත් මාත් එක්ක වැඩිය කතා කලේ නෑ .
පස්සේ පස්සේ ඒකට හේතුව හොයන්න ඕනි උනත් එහෙන් මෙහෙන් ආපු ආරන්චි වල හැටියට ඒ ගර්ල් ජන්කුක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් 😥 ඒක ඇහුවම නම් පපුවට පිහියෙන් අනිනවා වගේ උනත් මට තව විස්තර හොයන්න ඕනි උනා . කොහොම හරි මන් ගොඩක් විස්තර ඒ ගැන හොයා ගත්තා . ඔන්නි අයින් වෙන්න කලින් මට කීප පාරක්ම එයාව හම්බුන නිසා අපි හොද යාලුවො උනා .එයා ගොඩක් හොදයි . ඒත් ඇයි එයාලා වෙන් උනේ . කවදාවත් උත්තරයක් හම්බුනේ නෑ මගෙ ඒ ප්‍රශ්නෙට ........
YOU ARE READING
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...