My Love EP 35

293 70 50
                                    

Author pov ....

🌹 අක්කේ මම යනො පරිස්සමෙන් ඉන්න කම්මැලි නම් වේවොන් ඔන්නිගේ ගෙදර යන්න

😹 හරි හරි ඉක්මනට යනවා පරක්කු වෙන්නෙ නැතුව

සිතු නිතුට බායි කියලා hybe එකට යන්න පිටත්වුනා සතියකට පස්සේයි සිතු hybe එකට යන්නේ

ඔව් එද හොබි කියපු වචන නිසා සිතු වෙනස් වුනා ඒ වගේම නිතුත් හැබැයි එ දෙන්නම හිත ඇතුලෙන් ලොකු දුකක් දාරගෙන ඉදියේ.

සිතූ කම්පැනි එකට ගියත් නිදහස් හැම වෙලේම එයාට මටකෙට ආවෙ අම්මයි තාත්තයි . ඒ නිසා එයා හිතේ හැටියට අඩන්න එයාගෙ සුපුරුදු නවවෙනි තට්ටිවට ගියෙ ගෙදරදි නිදහසේ අඩන්න බැරි නිසා . මොකද එයා අඩනවා දැක්කොත් නිතූත් ගොඩක් දුක් වෙනවා කියලා සිතූ දැනගෙන ඉදියා 😔

අහස දිහා බලාගෙන අහසත් එක්ක කතා කර කර සිතූ අඩ අඩ ඉද්දි තවත් කෙනෙක් මේ හැමදේම පිටිපස්සට වෙලා අහගෙන ඉදියේ ඇස් වල කදුලු පුරවගෙන . ඒත් එයාට සිතූ ලගට ගිහින් එයාව සනසන්න හිත දුන්නෙ නෑ . ඒ නිසා එයා ඇස් පිල්ලම් ගහලා කදුලු ඇස් වලම බොද කරගෙන ආයිමත් යන්න හැරුනේ සිතූට හිතේ හැටියට අඩන්න ඉඩ දීලා .

ඔව් ඒ වෙන කවුරුවත් නෙවෙයි ජන්කුක් . කොච්චර තරහ උනත් කතා නොකර ඉන්න හැදුවත් තාමත් ජන්කුක්ට සිතූගෙ කදුලු දකින්න බෑ . ඒ නිසාමයි එයා හැරිලා එන්න ආවෙ . ඊටත් එයා දැනගෙන ඉදියා සිතූ එයාගෙ අම්මටයි තාත්තටයි කොච්චර ආදරේද කියලා . ඉතින් එයාලගෙ වෙන් වීම සිතූට කොච්චර ලොකු බලපෑමක්ද කියලා ජන්කුක් දැනගෙන ඉදියේ .

ජන්කුක් කෙලින්ම ආවෙ එයාලගෙ ප්‍රැක්ටිස් රූම් එකට . ඒත් එයා එද්දි ඒකෙ ඉදියේ මීනු විතරයි . කිසිම කතාවක් නැතුව පැත්තට ගිහින් බිමින් ඉද ගත්තු ජන්කුක් දනිස් දෙක අස්සෙ කකුල් දෙක ගහගෙන අත් දෙකෙන් ඔලුව බදාගෙන කල්පනා කරන්න ගත්තෙ සිතූ වෙනුවෙන් එයාට මොනාද කරන්න පුලුවන් කියලා . ඒත් එයාට සිතූ ලගට ගිහින් සිතූගෙ හිත හදන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ .

ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් ඉදපු මීනු ජන්කුක් ලගට කිට්ටු උනේ කවදාවත් නැතුව අද ජන්කුක් මේ විදිහට ඉන්නෙ ඇයි කියලා බලන්න. ජන්කුක් ලගින් දන ගහ ගත්ත මීනු ජන්කුක්ගෙ උරහිසට අත තිබ්බෙ එයාට කතා කරන්න . ඒත් නොහිතපු විදිහට ජන්කුක් මීනුගෙ බඩ වටේ අත් දෙක දාගෙන මීනුගෙ පපුවට හේත්තු උනේ මීනු හිතන්නත් කලින් . කෙල්ලගෙ පපුව එකසිය ගානට ගැහෙද්දි එයා ජන්කුක්ට කතා කරන්න හැදුවත් ජන්කුක් සද්ද නොකර ඉන්න් කියපු නිසා මීනුත් කිසිම දෙයක් නොකිය ඉදියේ ජන්කුක් මෙහෙම කරන්න ලොකු හේතුවක් ඇති කියලා හිතුන් නිසා .

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Where stories live. Discover now