MY Love EP 40

256 53 26
                                    


Author pov ...

අනිත් අයට කෑම කන්න කියලා ජින් මීනුට සුප් එකකුත් අරන් ඉක්මනින් මීනුගෙ රූම් එකට ආවේ එයාගෙ චූටි මල්ලිට ශක්තියක් වෙන්න එයා ජන්කුක් ලග ඉන්නම ඕනි කියලා හිතුන නිසා .

ජින් එනකොටත් ඩොක්ට ඇවිත් ඉදියෙ නැති නිසා ජන්කුක් ගොඩක් කලබල වෙලා ඉදියෙ . ඒත් එයාගෙ ලොකු අයියා දැකපු ගමන් ජන්කුක්ගෙ ඒ කලබල හිත සන්සුන් උනේ පිපාසෙන් ඉදපු කෙනෙකුට ජල බිදක් හම්බුන තරම් සතුටින් .

ටිකකින් ඩොක්ට ඇවිත් මීනු චෙක් කරලා බෙහෙත් දීලා ගියෙ එයා නැගිට්ටම කන්න මොනා හරි දීලම බෙහෙත් දෙන්න කියලා . මොකද මීනු ඒ වෙනකොටත් ගොඩක් වීක් වෙලා ඉදියෙ .

ටිකකින් මීනු නැගිට්ටම ජන්කුක් මීනුට අමාරුවෙන් සුප් එකෙන් ටිකකුත් පොවලා බෙහෙත් ටිකත් පොවා ගත්තෙ කෙල්ල තාම උන විකාරෙන් එයාව දාලා යන්න එපා කියලා මුමුනද්දි. ආයිමත් මීනුට නින්ද යනකම්ම ජන්කුක් එයා ලගින් වාඩි වෙලා කෙල්ලගෙ ඔලුව අත ගෑවෙ දැන් ටිකක් දුරට මීනුගෙ උන අඩු වෙලා තිබ්බ එකට හිතේ සැනසීමෙන්.

🐰 හියුන්ග් එයාට ඉක්මනට හොද වෙයි නේද 🥺

💜️ එයාට ඉක්මනට හොද වෙයි කුකියා . බය වෙන්න එපා.

මේ දෙන්නා කතා කර කර ඉද්දි කෑම කාල ඉවර කරපු අනිත් අයත් මීනුගෙ රූම් එකට ආවේ එයාලගේ චූටි නංගිට දැන් කොහොමද බලන්න. ඒත් එයාලා එනකොටත් මීනු ඉදියෙ තද නින්දෙ. අඩලා අඩලා මහන්සියටයි, බෙහෙත් සැරටයි මීනුට හොදටම නින්ද ගිහින් තිබ්බෙ.

🐯 දැන් කොහොමද හියුන්ග් මිනාට.

💜️ බෙහෙත් සැරට දැන් නම් නින්ද ගිහින් ටේ. කෙල්ල උදේ ඉදලා හරියට කාලත් නෑ . හොදටම වීක්. ගොඩක් වෙලා වතුරෙ ඉදපු නිසා උන හැදිලා තියෙන්නෙ .

🐨 මොකක්ද කුකී උනේ . ඇයි ඔයා එවෙලෙම අපිට කිව්වෙ නැත්ට්ගෙ.

🐰 මන් දන්නෙ නෑ හියුන්ග් . මන් එනකොටත් එයා රූම් එකේ ඉදියෙ නෑ . වොශ් රූම් එකෙන් වතුර සද්දයක් ආපු නිසා මාත් ඉදගෙන ඉදියා . ඒත් ගොඩ වෙලාවක් එයා ආවේ නැති නිසා බලද්දී ශවර් එක යටම එයා වැටිලා ඉදියෙ .

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Where stories live. Discover now