Semi final

213 52 19
                                    


Author pov ......

පහලට ගිය මීනුගෙ සද්දයක් නැති නිසා අමාරුවෙන් පහලට ආපු සිතූ දැක්කෙ බය වෙලා වගේ තවත් ගෑණු කෙනෙක් එක්ක දොර ලගම කතා කර කර ඉන්න මීනුව.

ඒත් එක්කම ජන්කුකුත් කෙල්ලො දෙන්නටම කතා කරගෙන හිනා වෙවී ගෙට ආවත් ගෙයි ඉදපු කෙනා දැකලා එහෙමම නතර උනේ ඇස් දෙකත් ලොකු කරගෙන .

මීනුකුක් දෙන්නගෙ මූණු වලින්ම මේ ඉන්නෙ මීනුගෙ ඔම්මා වෙන්න ඇති කියලා තේරුම් ගත්ත සිතූ ආයිමත් හැරිලා රූම් එකට යන්න ගියත් ජන්කුක් ඉක්මනට කෙල්ල ලගට ආවේ මීනුගෙ ඔම්මා ඇසුත් ලොකු කරන් බලන් ඉන්න අතරෙ.

ජන්කුක් සිතූ එක්ක යද්දී මීනු එයාගෙ ඔම්මව එක්කගෙන සාලෙට ආවේ ඊලගට එයාල අහන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්නද කියලා ලොකු බයකින්.

මොකද මීනුගෙ ගෙදර අය වගේම ජන්කුක්ගෙ ගෙදර අයත් මීනු කුකී එක්ක ඉන්නවා කියල දැනගෙන ඉදියත් මොකුත් නොකිව්වෙ ගෙවල් දෙකෙන්ම දෙන්නගෙ මැරේජ් එකට ප්‍රශ්නයක් තිබ්බෙ නැති නිසා . ඒත් ඒ කවුරුත් දැනගෙන ඉදියෙ නෑ සිතූ ඉන්නෙත් මෙහෙ කියලා වගේම සිතූගෙ බබා ගැන.

සිතූව රූම් එකට ගිහින් දාලා එයාගෙ අතේ තිබ්බ බෑග්ස් ටික ජන්කුක් සිතූට දුන්නා. ඒවගෙ ගොඩක් තිබ්බෙ කෑම ජාති. හැම එකකින්ම මලු දෙක ගානෙ.

මීනු සිතූ කුකී තුන් දෙනා එක ගෙදර ඉන්න පටන් ගත්ත දවසෙ ඉදලා ජන්කුක් කෙල්ලො දෙන්නටම එක විදිහටම සැකලුවා. සිතූට මොනා හරි ගෙනාවොත් අනිවාර්යයෙන්ම මීනුටත් මොනා හරි ගෙනාවා. ඒක මල් පොකුරක්ද, ඇදුමක්ද වෙන දෙයක්ද අදාල නෑ .

විශේශයෙන්ම කඩචෝරු . මොකද සිතූ වගේම මීනුත් ස්‍ට්‍රීට් ෆුඩ්ස් පෙරේතියො. සිතූ මීනු ගොඩක් සමගියෙන් සහයෝගෙන් හැමදේම බෙදාගෙන මේ කාලේ ජීවත් උනා . ඒත් කවදාවත් එයාලා කෑම ජාති නම් බෙදා ගත්තෙ නෑ . ඒ නිසා ජන්කුක් ගෙදර එනකොට හැමදාම ස්ට්‍රීට් ෆුඩ්ස් මලු දෙකක් ගෙනාවා. ඒ වගේමයි පලතුරු . මීනු මොන කෑම මොන විදියට සිතූ එක්ක බෙදා ගත්තත් ස්ට්‍රීට් ෆුඩ්ස්සුයි ග්‍රීන් ඇපලුයි නම් බෙදා ගත්තෙ නෑ .අඩුම ජන්කුක්ටවත් මීනුගෙ ග්‍රීන් ඇපල් අල්ලන්න තහනම් .

               ❤️❤️MY LOVE❤️❤️    || Complete Onde histórias criam vida. Descubra agora