1 . නුවර වැව ලඟ

7.6K 509 82
                                    

මගේ තනි තරුව

.

( ඔයාලා බස් එකේ වගේ කියවනවනම් පරිස්සමෙන් කියවන්න.. වගකියනු නොලැබේ... )
.
.

.
.
.

"කොහෙද බන් ඉන්නේ..??"

" අඩේ මට තව ටික වෙලාවක් දීපන්.. මම පැය බාගෙන් ඔතන.. එතකන් උඹ පොරියක් අරන් වැවේ මාළුන්ට කන්න දාපන්... "

" අනේ මේ මහියා උඹට මං කියන්නෑ පොරිය ගැන...ශිට් බලපං මම රස්තියාදු වෙනවනේ....

" අඩේ අඩේ ශේප්නේ මේ එනවා බන්.. "

" හරි හරි... මම ඉන්නම්... ඉක්මනින් වරෙත්.. තිසතයා එහෙන් කෝල් කරනවා කරනවා ඉවරයක් නෑ..."

" හරි බන් මේ එනවා... තියපංකෝ.. නැත්නම් මට තවත් වෙලා යනවා...!"

"....."

මම නුවර වැව වටේ තිබ්බ බංකුවක් බලලා වාඩි උනා.. ඊට කලින් මම උස්සගෙන හිටපු බෑග්පැක් එකත් පැත්තකින් තියාගෙන මම දාගෙන හිටපු 95 Black Mask එක පාත් කරේ තියන රස්නේ දරාගන්න බැරිම තැන.... මම මගේ ස්මාර්ට් වොච් එක මූනට අල්ලලා වෙලාව බැලුවා. වෙලාව හරියටම 5.30 යි... මහීෂ භල්ලා මට කිව්ව වෙලාවටම මම මෙතන ඒත් ඌ නෑ... මට කොළඹ ඉදලා ආපු ගමන් මහන්සියත් එක්ක බෑග් එකේ පැත්තක දාගෙන ආපු ප්ලාස්ටික් වතුර බෝතලය අරන් කට තියලා බීගෙන බීගෙන ගිහින් ඉතුරු බාගේ මම බෑග් එකේ සයිඩ් පොකට් එකට ඒක දාගත්තා... ඒක දැල් නිසා බෝතලයෙන් බාගයක් තිබ්බේ එළියෙ.

" අහ්හා............"

දැනුනු ෆට්ට මහන්සියත් එක්ක මම හුස්මක් අරන් හයියෙන්ම අතෑරලා දැම්මා...
පස්සේ මම ඔහේ වැව වටේම තියන කෑම කෑලි ඇහිදන් කන නඟර කාක්කො දිහා බලාගෙන හිටියා. ඒ අස්සේ කොක්කුත් ඉන්නවා. ඉස්සර වගේ කිරි කොක්කු නෑ දැන් ඉන්නේ තනිකරම හඩු කොක්කු මඩ කොක්කු...

" ශිට්.. මුං දැන් මාළු කන්නෑ ඒත් සේරම කුණුගොඩවල් නම් කනවා.."

මගේ සම්පූර්ණ අවධානයම වැව දිහාටයි කොක්කුයි කාක්කොයි දිහාටයි තියෙද්දී මගේ නහයට ආවේ අමුතු ගදක්...ඒත් එක්කම මගේ ඇස් ගිහින් නැවතුනේ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා මගේ වතුර බෝතලය දිහාම බලාගෙන ඉන්න හිඟන මනුස්සයෙක්....

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Where stories live. Discover now