2 . නුඹ කවුද ?

3.2K 437 67
                                    

මගේ තනි තරුව

" මහියා......උඹ එයාව දන්නවද..කවුද බන් ඒ..??"

"අහ්.. එයා මෙහෙට අලුත්.පාරේ තමයි ජීවිතේ හැබැයි එයාගේ විස්තර නම් කවුරුත් දන්නෑ.. කොල්ලා නුවර කෙනෙක් නෙවෙයි මං හිතන්නේ.. "

" එතකොට එයා ඇයි එහෙම..?"

" මං හිතන්නේ මානසික කේස් එකක් තියනවා. වෙලාවකට පොඩි එකෙක් වගේලු..."

"හ්ම්............"

හිතට දැනුනු අමුතු දුකත් එක්ක මම එයා කොර ගහ ගහා යන හැටි හැරි හැරී බැලුවා..

" මහියා පොඩ්ඩක් හිටපං මේ බෑග් මගුල ගනින්...."

මහියා ඇස් ලොකු කරලා බලද්දි මම ඌට මහපට ඇගිල පෙන්නුවා.. බෑග් එකත් ඌට දීලා මම එයාගේ පස්සෙන් දිව්වා....

" ඉන්න..........තරුෂ...........ඉන්න....................!"

සෙනඟ අස්සෙන් අස්සෙන් බේරි බේරි මම තරුෂගේ පස්සෙන් ගිහින් එයාගේ අතින් අල්ල ගත්තා...

" මාමා........?"

'" මාමා නෙවෙයි මම ඉසුරු "

එයා ඇස් දෙක ලොකු කරන් ආයේ සාමාන්‍ය උනා...

" ඉසුරු මාමා.."

මගේ මූනේ ඒ හුරතලේට හිනාවක් ඇදුනා...

"හරි මොකක් හරි කමක් නෑ... තරුෂ බබා එන්නකෝ.. අපි යමු සෙරප්පු දෙකක් ගන්න.."

ඒ ඇස් දෙකේ අමුතු සතුටක් ඇදුනා.. මූන පුරා ඇදුණු හිනාවට එයා හුරතල් කියලා මට හිතුනා...
මමත් දන්නෑ ඇයි මම එයාට තරුෂ බබා කිව්වේ කියලා.. ඇත්තටම මට එයාව දැනුනේ පොඩි බබෙක් වගේ..
ඒ එයාගේ කළු බෝල දිග පිහාටු තියන ඇස් නිසාද කියන්න මම තාම දන්නේ නෑ...

" තරුෂ බබා ඉන්න ඉසුරු මාමා ඔයාට අරගෙන එන්නම්..."

මම DSI එකේ දොර ලගින් එයාව නවත්තලා ආවේ මිනිස්සු කිළුටු පුරවගෙන එයාව ඇතුලට ගන්න අකමැති නිසයි...
එයා වීදුරු දොරෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා...මම ඉක්මනින් නිල් පාට වේව්ස් දෙකක් ගත්තා.. යකෝ දැන් ඒකත් 1450 ක්...
කමක් නෑ එයා එක කකුලක දාගෙන හිටපු එක ජාතියේම එකක් මට ගන්න ඕනි උනා..
අනික මම Engineer කෙනෙක් හැබැයි නවකයෙක්.. මට සල්ලිවලින් එහෙම අඩුවක් නෑ.. අපේ අම්මලත් ලොකු බිස්නස්කාරයෝ.. පරම්පරාවෙන් උරුම කම්පැනි දෙකක් තියෙද්දී මට ඕනි ස්වාධීන වෙන්න.. ඒ නිසා මම අම්මගෙන් වෙහිකල් එකත් එපා කියලා බස් එකේම ආවා.. මහියා උනත් මට කැමති මගේ ඒ ලොකු සීන් නැති ගතිගුණවලට...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Donde viven las historias. Descúbrelo ahora