58- අවසානය🍁 The End🍁

3.3K 304 291
                                    

මගේ තනිතරුව



" හෙලෝ... හ්ම්ම් දැන් කියන දෙයක් ඔයාට කියන්න පුළුවන් ඊට කලින් මට දෙයක් කියන්න ඕනි...!!

" ඔව් සර්...?"

"................."

මහීෂ පිනිදු බබාව නිදිකරවන අතරේ ඉසුරු බැල්කනි එකට ගියේ ලංකාවෙන් ආපු කෝල් එකට කෝල් බැක් කරන්නයි..

" හෙලෝ. සර්..."

" ම්ම්ම්හ්.... මම කැමතී ඔයාගේ බොස් එක්කම කතා කරන්න.. මොකද මම දන්නවා ඔය බොස් කියන්න හදන සේරම ඇත්ත ගැන.. අනික ඔයාගේ බොස්ට කියන්න කලින් කරපු ආදරේ නැති කරගන්න එපා කියලා මේ වගේ දෙකයි පනහේ වැඩ කරලා..."

ඉසුරු තදින් කියවද්දී එහා පැත්තෙන් කෝල් එක ඩිස්කනෙක්ට් උනා...
ඒත් එක්කම වාගේ උණුසුම් අත් දෙකක් ඉසුරුගේ ඉනේ දැවටුනාම ඉසුරු ගැඹුරු හුස්මක් අරන් පහලට අතෑරියා...

" ඔයා දැනගෙන හිටියද...??"

ඒ කටහඬේ තිබුනේ බිඳුණු බවක්....

" හ්ම්ම්... ඔයාට මට බොරු කරන්න බෑ මහී... මම සේරම දැනගෙන හිටියා.. ඔයා සති දෙකක් අතුරුදහන් වෙන්නත් හේතුව තරුෂ කියලා.. මුලදි තරුෂ අසනීපෙන් හිටියත් පස්සේ අපි බෙහෙත් කරන්න ගත්ත මුල් කාලෙම තරුෂට සනීප උනා.. ඒත් තරුෂ බය උනා මම ඒ දීපු කෙයාරින් එක වගේම් ආදරේත් එයාට නැතිවෙයි කියලා.. ඒ නිසා තරුෂ දිගටම ඒ සැලකුම් ලබන්න ලෝබ කමේ මට බොරු කලා.. එක අතකට ඒකේ වරදක් නෑ මහී.. තරුෂ කියන්නේ එයාගේ මාෆියා පවුලෙන් වගේම වගීෂගෙන් බැටකාපු අහින්සකයෙක්...
ඒත් ඔයා ඒ අවස්ථාව ඔයාගේ ආත්මාර්ථයට යොදාගෙන මායි ඔයයි අතරින් තරුෂව අයින් කරලා දැම්මා.. තරුෂව පැහැරගෙන ඩොක්ටර් අරන් ගියාට පස්සේ ඩොක්ටර් ඔයාට මේ මෑතකදි කතා කලා.. ඒකත් මම දන්නවා..

අනික ඔයා එතකොට ඉක්මනින් uk වලට ආව ගමන් බය වුනා ආපහු මම තරුෂට ආදරේ කරයි කියලා.. ඒ නිසා ඔයා තරුෂයි අර තරුෂගේ වයිෆ් කියන කෙල්ලයි ඔයාගේ ප්ලැන් එකට නම්මගත්තා..
ඔයා තරුෂට තර්ජනය කරලා ලංකාවට යැව්වා..

මහීෂගේ මුවින් නැඟුනු හැඬුම් හඬක් නිසා ඉසුරු ඉක්මනින් මහීෂගේ පැත්ත හැරිලා මහීෂව බදාගත්තා...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Where stories live. Discover now