10. කොළඹ ගමන

2.1K 363 65
                                    


මගේ තනි තරුව

මහියා ඉස්සරහා යද්දී බබයි මමයි පිටිපස්සේ වාඩි උනා.. වාඩිවෙලා වාහන ස්ටාර්ට් එකට දාපු ගමන් වට පිට බලලා මේ කොල්ලා ජනේලෙට බර වුනා.. මම බැලුවෙත් මොකක්ද කරන්නේ කියලා.. එයා පහුවෙන ගස් දිහා බලාගෙනම යනවා.. වෙලාවකට මූන සතුටින් එළිය වැටෙනවා.. තවත් වෙලාවකට පුදුම වෙනවා.. ආයෙම වාව් ගානවා... මම ජනේලේ ග්ලාස් එක පාත් කරා...

" වෝහ්.... "

එයා ඉක්මනින් අත එලියට දාගත්තම මම පැනලා අත ඇදලා ඇතුලට ගත්තා...මම ඇදපු පාරට එයාව ගැස්සුනා..මගේ මූනෙත් තිබ්බේ කලබල පෙනුමක් නිසා මම ඉක්මනින් මූන ආයෙම සාමාන්‍ය කරගත්තා.. පස්සේ එයා මං දිහා බලපු ගමන්ම මම ලස්සන හිනාවක් දැම්මා...

" බබා ආයෙම ජනේලෙන් එළියට අතවත් ඔලුවවත් දාන්න බෑ හොඳේ.. එහෙම උනොත් මම වහනවා ඕක.."

එයා මට හුරතල් විදියට රැවලා දිව ඇද්දා.... ඔහ්......ඒ රෝස පාට දිව දැක්කම මට හිතුනේ හපන්න..ඒත් ඒ ආසාවත් මම අමාරුවෙන් ඉවස ගත්තේ ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසයි... ටික දුරක් යද්දී කොල්ලා පාරේ පහුවෙන බෝඩ් කියවන්න ගත්තා..

" ඩැඩා.......රොමේසා සැලෝන් නේද ඒ???

" රොමේෂා...

" අහ් රොමේසා...

එයා මම හරිගැස්සුවමත් දකින ඒවා සමහර අකුරු වැරදියට කියෙව්වා.. මම ගමන පුරාම ඒවා නිවැරදි කර කර ආවා... ඒ තරු ඇස් දිලිසෙනවා.. මගේ තරුෂ බබා..බබාට හොඳ උනාම බබා ඩැඩාව දාලා යයි නේද..
මගේ ඇස්වල සියුම් දැවිල්ලක් ඒ සිතුවිලි එක්ක ඇතිවෙද්දී මම ඉක්මනින් පිටට පයින්න ගිය කඳුලක් නවත්ත ගත්තා...

" බඩගිනී බන්.. ප්ලේන්ටියක්වත් ගහලා යන්කෝ.."

මහියා කියද්දී මම සිතුවිලි අතර අතරමං වෙලා ඉදලා පියවි සිහියට ආවා .

" ඈහ්..????"

" උඹ කොයි ලෝකෙද හිටියේ..?"

" අහ් මම වෙන කල්පනාවක හිටියේ බන්.."

" හරි හිටියට කමක් නෑ මූන පුක කරගන්නේ නැතුව.."

මම දැක්කේ ඩ්‍රයිවර් කොල්ලත් හිනාවෙනවා.. ඌ මේ කාලය පුරාවටම බබා සාමාන්‍ය නෑ කියලා හිතාගන්න ඇති...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Onde histórias criam vida. Descubra agora