50 - මනෝභාවය

1.9K 271 51
                                    

මගේ තනිතරුව  - මාස 04 කට පසු...


" බබා... මැණික...??"

පාන්දර ඇඟට දැනුනු සීත ගතියත් එක්ක මට ඇහැරුනා.. 
මම වටපිට බැලුවම මම දැක්කේ හිස් ඇදක්...
නිතරම ඉසුරුගේ මනෝභාවයන් වෙනස් වෙන නිසා මගේ හිතට හැම වෙලාවකම දැනෙන්නේ ලොකු බයක්.. දැන් බඩත් චුට්ටක් ඉස්සරහට තියන නිසා මට එයාව දැක්කම සතුටක් එක්ක අමුතු වේදනාවක් දැනෙන්නවා... පව් මගේ මැණික...මම ඉක්මනින් ඇදෙන් බැහැලා බෙඩ්ශීට් එක අතට ගත්තා.. මොකද එයා ගෙයි කොහෙ ඉන්නවද කියලා දන්නේ නැති නිසා.. මෙහෙ දැන් සීත කාලෙට කිට්ටුයි....

" ඉසුරු බබා.....??"

" කෝ..."

"කොහෙද බන් ඉන්නේ...??"

එතකොට මම දැක්කේ සෝෆා එකට වෙලා ඉකිගහන මගේ කොල්ලව...

" ඒයි.... මොකද අනේ මේ..??"

ඒත් එක්කම එයා මාව පැනලා බදාගත්තා...

" ඇයි මේ...???"

" ඔයා මාව බදාගෙන නිදාගත්තේ නෑ... ඔයාට දැන් මාව එපා වෙලා..මං කැතයිනේ.... "

" අහ්..මොකක්.????"

" ඔයා මාව ලඟට ගත්තේ නෑ... ඔයාට මාව එපා වෙලා මම කැතයිනේ.."

" මෝඩයා....පිස්සුද ඔයාට..??"

" ඈ......හ්...දැක්කනේ මම මෝඩයත් වෙලා පිස්සත් වෙලා.. ඔයාට දැන් මාව ඕනි නෑ.."

එයා කෑගහලා අඩන්න ගත්තා... ශික් මගේ කට එක්ක බෑනේ.. දැන් මගේ කට හිරේ දාලා වගේ මම ඉන්නේ.. ඒ තරම් මම කියන වචනවලට ඉසුරු සෙන්සිටිව් වෙනවා...

" අයියෝ නෑ වස්තුවේ... කෝ යමුකෝ ඇදට... මට නින්ද ගිහින්නේ අනේ එතකොට මම අතාරින්න ඇත්තේ.. කෝ යමු.. එන්න මම වඩාගන්නම්.."

මම එයාව හරහට පරිස්සමෙන් අරන් ඇදට අරන් ගියා... ඒත් මට තේරෙනවා මූනත් දෙක කරන් උරහිස අස්සේ මූන ඔබන් ඉන්නවා කියලා...

" ඇයි දැන් මේ..??"

" මට බඩගිනියි.."

" අහ්.. යමු පහලට කෑම ඇති මම රත් කරලා දෙන්නම්.."

මම පහලට පරිස්සමෙන් බැහැලා එයාව වාඩි කෙරෙව්වා.. පස්සේ මමා ෆ්‍රිජ් එකේ දාලා තිබුණ බිරියානි එක රත් වෙන්න තිබ්බා..

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Where stories live. Discover now