40 - කුලදිවියට

2.5K 308 59
                                    


මගේ තනිතරුව  - සතියකින්


" මගේ දෙයියනේ...."

මහීෂ ඇස්වල කඳුළු පුරවගෙන එයාගේ අත් දෙකෙන්ම ගලාගෙන ආපු කඳුළු පිහිදගත්තා....

" මිහිපිට දෙවදූතයෙක් තරමටම මගේ මැණික ලස්සනයි "

මහීෂ ඉසුරුගේ මමාගේ උරහිසට බර වෙලා කඳුළු හලන්න ගත්තා... මමා හිනා වෙවී මහීෂගේ උරහිසට තට්ටු කලේ දරදඬු ගති පෙන්නපු එයාගේ බෑනා පුතාව මෙහෙම දැකලා අඬනවා දැකපු නිසයි...

" අනේ මේ කොල්ලා..... මෙච්චර බොළඳයි කියලා දන්නේ මම අදනේ..."

මමා හිනාවෙවී කිව්වම පපාගේ අතේ එල්ලිලා එන ඉසුරුගේ මූනේ  කවදාවත් නැති තරම් සතුටක් තිබුණා... ඒ මූනේ හිනාව එක මොහොතක් මැකිලා ගියෙත් නෑ.. ඒ වෙනුවට එයා මහීෂ දිහා බැලුවේ උතුරන සෙනෙහසකින්...

" මමා දන්නවද...මම කවදාවත් හිතුවේ නෑ එයා මගේ  වෙයි කියලා..මම...ම...ම...හිතුවේ එයා තරුෂ එක්ක......"

" හයියෝ....අතීතය මතක් කරලා ඇයි ළමයෝ හිත රිද්ද ගන්නේ... දැන් එයා සම්පුර්ණයෙන් ඔයාගෙනෙ... "

මහීෂ කඳුළු පිහිදලා බුරුල් උන නහය උඩට ඇද්දා.. වටේම  ලස්සනට සුදු රෝස මල්වලින් හැඩකරලා බිම පවා රෝස මල් අතුලරලා තිබුණා..ඉසුරු ඒ මතින් ආවේ ඇත්තටම සුරු කුමාරයෙක් වගේ...

සුදු  පාට ෆුල් කිට් එකටයි අතේ තිබ්බ ලා රෝස මල් බොකී එකටයි  තව තවත් ඉසුරු හැඩ උනා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


සුදු  පාට ෆුල් කිට් එකටයි අතේ තිබ්බ ලා රෝස මල් බොකී එකටයි  තව තවත් ඉසුරු හැඩ උනා...
මහීෂගේ බ්ලූ ඇන්ඩ් වයිට් සූට් එකට මැච් වෙන්න ඩිසයින් වෙලා තිබ්බ ඉසුරුගේ සූට් එක තවත් මහීෂට තමන්ගේ කියන හැඟීමක් ගෙනෙද්දී මහීෂ ආදරෙන් එයාගේ ඉසුරු දිහා බැලුවා...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Donde viven las historias. Descúbrelo ahora