51 - හැන්ඩ්සම් CEO

1.9K 274 77
                                    

මගේ තනිතරුව


මහීෂ කා එකේ වාඩිවෙලා ඉන්න ගමනුත් හිතුවේ ඉසුරු ගැන විතරයි.. එයා ඉසුරුගෙන් එක වතාවක් පැනලා ගියත් එයාලගේ චූටි පැටියා බඩට ආවත් හරි මහීෂට ඉසුරු නැති තප්පරයක් ගැන හිතාගන්නවත් බැරි උනා...
මහීෂ එහෙමම එයාගේ ගැලරිය ඕපන් කරාම එයාව ආයෙම මාස හතරක අතීතයට රැගෙන ගියා.....

මහීෂ ඉසුරු වෙත නැවත පැමිණීමෙන් දින දෙකකට පසු...

පාන්දර හතරට විතර මහීෂට දැනුනේ එයාගේ ඇදේ බර අඩු වෙල ලාවට ක්‍රීස් හඬක් නැගෙනවා.. මහීෂ ඇස් නොඇරම එහෙමම හිටියේ එයා ඉසුරු වොෂ් රූම් ගියා කියලා හිතපු නිසයි.. ප්‍රෙග්නට් කියලා දැනගත්ත දවසේ ඉදලා ඉසුරුගේ නිදි පුරුදු වෙනස් වෙලා එයා කෙටි නින්දක් ගන්න තැනකට පත් වුනා..
ඩොක්ටර්ගෙන් මහීෂ රහසේම කෝල් කරලා ඇහුවේ එයා කැමති උනේ නෑ එයාගේ වදවීම කලබලය ගැන ඉසුරු දැනගන්නවට...
ඩොක්ටර් කිව්ව විදියට කොල්ලෙක්ට එයා ප්‍රෙග්නට් කියලා කෙනෙක් කිව්වම ඇතිවෙන පුදුමය සහ  පීඩනය නිසා ඉසුරු දැනටමත් හැසිරෙන විදිය සාමාන්‍යයිලු...
ඒක නොසලකා හරින්න වගේම එයා ගැන කල්පනාවෙන්ම ඉන්න කියන අවවාදය නිසා මහීෂ එයා නිදි විදියටම නිශ්චලව හිටියා..
ටික වෙලාවක් ගියත් එයාට බාතෲම් එකෙන් කිසිම සද්දක් ඇහුනේ නැති නිසා මහීෂ හිමීට ඇස් ඇරලා බැලුවා..ඒත් වටේම කට්ට කළුවර වෙද්දී මහීෂගේ හිත ගැස්සුනා. ඒ ඉසුරු කළුවරේ නැඟිට්ටේ ඇයි කියන කුතුහලය නිසායි..
මහීෂගේ ඇස් පිස්සුවෙන් වගේ ඉසුරුව හොයද්දී  කණ්නාඩිය ඉස්සරහට වෙලා ඉසුරු එතන පොඩි ලෑම්ප්  එකත් ඔන් කරගෙන  එයාගේ ටී ෂර්ට් එක යටින් තියන පැතලි බඩ හරවා හරවා ඒ  දිහා බලනවා... ඒ මූනේ තිබුනේ අමුතුම හිනාවක්... ඒ වගේම කටත් උල් කරන්  බඩ අතගානවා..  මහීෂගේ හිතේ ඇතිවුන සතුටට මහීෂට ඉසුරු ලඟට ගිහින් ඒ වෙලාවෙම ඒ බඩ අත ගාලා ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා ඒත් ඒ සතුට සහ සිතිවිලි  මද සිනහවකට සීමා කරගෙන ඇස් දෙකෙන් ඒ දර්ශනය හදවතේ සටහන් කරගත්තා...
මොකද ඉසුරු හොරෙන් කරන දෙයක් නිසා මහීෂට ඕනි උනේ නෑ එතනට ගිහින්  ඉසුරුව ලැජ්ජ කරන්න.. ඒ වෙනුවට මහීෂ එයාගේ පෝන් එක අරන් ෆ්ලෑෂර් එකත් ඕෆ් කරලා ඉසුරුව zoom කරලා පොටෝ එකක් ගත්තා..

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin