මගේ තනි තරුව" එන්න යමු...."
මම එයාගේ අතින් අල්ලගෙන හොටෙල් එකේ Resturant එකට එක්කගෙන ගියා...එයා මගේ අත තද කරලා අල්ලගෙන හිටියේ මම එයාව අතාරී කියලා බයෙන් බයෙන් වගේ... එකම පාටින් ඇඳුම් ඇදගෙන ඉන්න වේටර්වරු දැකලා එයාගේ ඇස්වල අමුතු බයක් වගේ එකක් තිබ්බද මංදා....
" බබා ඇයි... මම ඔයා ලඟ ඉන්නවා. ඔයාව දාලා යන්නේ නෑ... මට බඩගිනී.. ඒ නිසා අපි මේ කෑම කන්න යන්නේ තේරුනා ද?.."
මම එයාගේ මූන දිහා බලලා ආදරෙන්ම කිව්වා... මොකද එයාට කලහකාරී චරිතයක් වෙන්න පුළුවන් නම් මම පුළුවන් තරම් එයා එහෙම නොවෙන තැනට වගබලාගන්න ඕනි කියලා මට හිතුනා...
එයා එයාගේ ලස්සන සුදු දත් ටික පෙන්නලා ඔලුව වැනුවා... කලින් ඒ දත් ගන්න දෙයක් නැති තරම් කැත වෙද්දී මම ඒ මැණික ඔපදැම්මනේ කියන අහිංසක ආඩම්බරයක් මගේ හිත අස්සේ පැලපදියම් උනා..අපි හොටෙල් එකේ Resturant එකට යද්දී මහියත් වාඩි වෙලා හිටියා.. අපිව දැකලා අත උඩට උස්සලා එතනට කතා කරා.. මම තරුෂවත් අල්ලගෙනම එහෙමම එතනට ගියාම මහියා තරුෂ දිහා උඩ ඉදලා පහලට බලලා මං දිහා අමුතු බැල්මට් එකක් දැම්මා...මම එක ඇහිබැමක් උස්සලා ඇහුවේ මොකෝ කියලා...ඒකා කට පැත්තට කරලා චඃ ගාලා වේටර් කෙනෙක්ට කතා කරා... මම තරූව මගේ ලඟින්ම වාඩි කරවගෙන එයාගේ අතින් දිගටම අල්ලගෙන හිටියා....
මහියා වේටර් ගෙනාපු මෙනු එක බලලා සීෆුඩ් ඕඩර් කරා..." මාමී එතකොට මට ක්රීම් බනිස් නැද්ද..?"
එයා උපරිම දුක මූනකින් මගෙන් ඇහුවම මට දැනුනේ ඒ කම්මුල මිරිකන්න ඕනි කියන සිතුවිල්ල... මගියා මේසේ උඩ තියන වතුර එක බොද්දී මම තරූගේ කම්මුලක් ඇඟිලි දෙකෙන් මිරිකුවා...
එතකොටම මහියා බකස් ගාලා හිනා උනාම වතුර එක මේසය උඩ චුරු පැන්නා....
" තොගෙ #&$$&#"
මම ලිප්ස්වලින් ඌට බැන්නේ තරුෂට ඇහෙන නිසයි... මහියා ඒ අතරේ ටුෂූ අරගෙන මේසෙයි උගෙ කටයි පිහිදගෙන එතන ඩස්ට්බින් එකට ඒක ගුලි කරලා විසි කලා..ඒ යකාගේ මූනේ තිබ්බේ තනිකරම අමුතු නෝන්ඩි බැල්මක්.. හරියට නිකන් මම කොටුවක් පැනලා ඌට අතේ මාට්ටු උනා වගේ.. රෙද්ද මට ඒවා වැඩක් නෑ...
VOCÊ ESTÁ LENDO
🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚)
Romanceඑක් අසම්මත පෙම් කතාවක්.... පරිණත අන්තර්ගතයකි 🔞🥲