මගේ තනිතරුව
" තරුවා ඉක්මනින් කොල්ලව අල්ලගෙන බැහැපන්.... "මහීෂ ඉක්මනින් කා එක ඩර්ඩන්ස් හොස්පිටල් එකට දාලා ඉස්සරහින්ම ලොකු බ්රේක් පාරක් ගහලා දොරත් වේගෙන් වහලා පිටිපස්සේ දොර ඇරලා තරුෂගේ තුරුලේ සිහියක් නැතුව ලේ පිටින් හිටපු ඉසුරුව අත නොපෑරෙන්න Bridel style එකට උස්සලා ගත්තා.. තරුෂ පස්සෙන් මලමිනියක් ගානට එද්දී හොස්පිටල් එකෙන් Wheelchair එකක් අරගෙන ආපු Nurse කෙනෙක් ඉසුරුව ඒකේ තියාගන්න ගමන් තවත් Nurse කෙනෙක් ඉසුරුට සේලයින් එකක් ගැහුවා... මහීෂ ඉසුරුගේ Chair එකට සමාන්තරව කලබලයෙන් දුවද්දීත් තරුෂ ඔහේ එයාලගේ පස්සෙන් වැටුණා.. ඉක්මනින් ඩ්‍රෙසින් රූම් එකට අරගෙන ගිහින් මැහුම් 12ක් දානකන් මහීෂ වේදනාවන් ඉසුරු දිහා බලාගෙන හිටියා... ඒත් එක්කම ඉසුරුගේ ඇගේන් ලේ ගොඩක් ගිහින් නිසා A+ blood දෙන්නත් හොස්පිටල් එකෙන් ක්‍රියාකාරී උනා.. මහීෂ වේදනාවන් පැත්තකින් වාඩි වෙලා වෙන දේවල්වලට ඉඩ දීලා බලාගෙන හිටියත් එකපාරටම මතක් උන දෙයක් නිසා ඉක්මනින් දොර ඇරලා එළියට ගියා.. එතකොට මහීෂ දැක්කේ බංකුවක් උඩ වාඩි වෙලා හිස් බැල්මකින් ඈත බලාගෙන ඉන්න තරුෂව....මහීෂ ඉක්මනින් තරුෂ ලඟට ගිහින් එතනින් වාඩි උනා...
" මේ අහපං.... උඹ ලෙඩා දුකා තමා.. ඒත් තේරෙන සිංහලෙන් මට කියපං මගේ කොල්ලට මොකක්ද උනේ කියලා.. ඌ මගේ පන..."
මහීෂ තරමක් සැරෙන් තරුෂගෙන් ඇහුවත් තරුෂ ඔහේ බලාගෙන හිටියා...
" හුත්තෝ මම උඹෙන් ප්‍රශ්නයක් ඇහුවා.. හොස්පිටල් එකේ මාව තෝ මාරයා නොකර බබා හුකුන් පැත්තකට දාලා මට උත්තර දීපං... උඹව මම මුල ඉදලම ඉවසුවේ ඌ පනටත් වඩා තොට ආදරේ කරපු නිසා.. යකෝ එකට එක ඇදේ නිදාගත්ත දන්න කාලේ ඉදලා උගේ සැපට දුකට හිටපු ඌට නොදැනෙන්න ඌට පනටත් වඩා ආදරේ කරපු මට නෙවෙයි භල්ලෝ ඌ ආදරේ කරේ.. පාරේ හඩු පෙරාගෙන කිළිටු නාගෙන හිටපු උඹට... ඒක එක්කෝ මගේ කරුමෙ...ඒත් තාමත් ඌ මගෙ එකා.. උඹ තාමත් මට පිට එකා.. ඒ නිසා හොඳ හිතින් මගෙන් මැරුන් නොකා උඹ දැක්ක දේ කියපං.. "
" ඒ මං නිසා.."
තරුෂ වචනෙන් වචනේ ගලපගෙන කියද්දී මහීෂ එකපාරටම පුටුවෙන් තරුෂව ඇදලා ගත්තේ ටී ෂර්ට් කොලර් එකෙනුයි.. හොස්පිටල් එකේ සිකුරිටි කෙනෙක් දුවගෙන එනවා දැකලා මහීෂ එකපාරටම තරුෂව හිටපු පුටුවටම අතෑරලා එතනම වාඩි උනා.. ඒත් එක්කම මහීෂ තරුෂට හිතාගන්නවත් බැරි විදියට අඬන්න පටන් ගත්තා...
YOU ARE READING
🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚)
Romanceඑක් අසම්මත පෙම් කතාවක්.... පරිණත අන්තර්ගතයකි 🔞🥲