15. අනතුර

2K 349 88
                                    


මගේ තනිතරුව

මමයි මහියයි බැලකනි එකේ නිදාගෙන ඉද්දී එකපාරටම සද්දයක් ඇහුණා... මම නැඟිටලා ඉක්මනින් පහලට දිව්වේ බබා නැඟිටල ද කියලා බලන්න.. අපි ඩ්‍රින්ක් එකක් දාලා ඉවර වෙලා වැඩි වෙලාවක් ඇහැ පියාගන්න හම්බුනේ නෑ සද්දේ ඇහුනේ. මම ඔරලෝසුව දිහා බලද්දී පාන්දර 1.30 යි...
වැටිලා තිබුණේ එළියේ තිබ්බ ලොකු මල් පෝච්චියක්.. හිතට අමුතුම බයක් දැනුනා..මම හිමීට ලයිට් නොදාම අතට අහු වුන වීඳුරු වාස් එකක් ගත්තා.. පස්සේ ජනේලය ලඟට ගිහින් මිදුල පැත්ත බැලුවා... ඒත් එක්කම මම දැක්කේ කළු ඇදුමක් ඇදගෙන මාස්ක් එකක් කැප් එකක් දාගෙන හිටිය මිනිහෙක්ගේ ජායාවක්...
මම එක පාරටම දොර ඇරලා එළියට දිව්වා....
එතකොටම ලොකු තාප්පය දිගේ බඩගාගෙන වගේ ගිය මිනිහා එළියට පැනගත්තා.. එතකොටම ට්‍රේල් බයික් එකක් වේගයෙන් ස්ටාට් කරගෙන යන සද්දක් ඇහුනා..
මම ඉක්මනින් දුවලා පොඩි ගේට්ටුව ඇරියම ඒ මිනිහගේ ජායාවක්වත් තිබුණේ නෑ.. මම සේරම ලොක් කරලා ගේ ඇතුලට ගියේ බයෙන් බයෙන් .. එකපාරටම මට මතක් උනේ බබාව...මම පිම්මේ දුවලා බබාගේ කාමරේ බැලුවම මාව පස්සට විසිවුනා....

කාමරේ බිත්තියේ තිබ්බ දේ දැක්කම මම ගේ දෙවනත් වෙන්න කෑ ගැහුවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

කාමරේ බිත්තියේ තිබ්බ දේ දැක්කම මම ගේ දෙවනත් වෙන්න කෑ ගැහුවා.. බබා අඬාගෙන නැඟිටිද්දී මහියා දඩ බඩ ගාලා පහලට දුවගෙන කොහොම ආවද කියලා මට ගානක් නෑ මම හිටියේ බිම වාඩි වෙලා... මහියා ඉක්මනින් බබා ලඟට ගිහින් එයාව ඇදෙන් බස්සවගෙන එයාව ලඟට ගත්තා.. මම බය වෙලා බිම ඉන්න අතරේ බබා ඇවිත් මං ලඟ අඬාගෙන වාඩි උනා.. මහියා කාමරේ ඇතුලට යන්න යද්දී මම ඉබේටම මහියගේ අතින් අල්ල ගත්තා..

" ඉදපං මම බලලා එන්නම්.."




Author POV...



🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Donde viven las historias. Descúbrelo ahora