18. වේදනාව

2.1K 354 101
                                    


මගේ තනිතරුව


" ඇයි......ඇයි....හසරැල් ඉක්මනින් මට මහියව බේරලා ගෙනත් දියන් බන්.. ප්ලීස්..... "

" හරි බන්... අපේ උන් සේරම කරනවා.. මම පොරොන්දු වෙනවා මහියා හොඳින් කියලා.."

" මම පොඩි එකාට කෑ ගැහුවා බන්.. දෙයියනේ මගේ ඔලුව පිස්සු වගේ බන්..."

මම පිම්මේ දිව්වේ කාමරයට.. මං යද්දී මගේ මැණික කොට්ටයක් බදාගෙන අඬනවා... පව් මගේ අහිංසකයා .. මම හිමීට ලඟට ගිහින් එයාව හැරෙව්වා... සුදු මූන ජම්බු ගෙඩියක් වගෙයි...

" මගේ රත්තරනේ... ඩැඩාට සමාවෙන්න පන..."

මම ඒ මූනේ ගලන කඳුළු අත් දෙකෙන්ම පිහිදැම්මා... එයා තවමත් ඉකි ගහනවා.. මම මගේ බබාව මගේ පපුවට තුරුළු කරගත්තා...

" ඩැඩා නෝටී.........බබාට සැල කලා..."

" අනේ මගේ රත්තනේ... ඩැඩා ගොඩක් දුකෙන්... මැණික දන්නවද ඩැඩාට දුකට සැපට හැමදේටම හිටියේ කවුද කියලා...ඩැඩා දුකෙන් හිටපු හැම වෙලාවකම ඩැඩාගේ ලඟ හිටියේ මහී මාමානේ මැණික... මහී මාමට කරදරයක් උනාම ඩැඩාට දරාගන්න බෑ වස්තුව... දන්නවද ඩැඩා චූටි කාලෙම ඉදලා මමාලා මාව දාලා රටම යනවා... ඉතින් ඩැඩාව බැලුවේ මහීෂ මාමී... ඉතින් ඩැඩාට දුකයි වස්තුවේ..."

" මහීස මාමී කෝ ඩැඩා...??? ඩැඩා අඬන්න අපා.. ඩැඩා බබා නෙවෙයිනේ අඬන්නේ.... කෝ බබා තුරුල්ලන්නම් ඩැඩාව මහීස මාමිට ඉක්මනින් එන්න කියන්න මගේ ඩැඩාට මහීස මාමී ඕනි කියන්න..."

" මගේ පවුල ඔය දෙන්නා .. දෙන්නම මට ඕනි මැණික .."

"මහීස මාමීව බලන්න යන්න බෑ ද ඩැඩා එයාව කාද අරන් ගිහින් තියෙන්නේ..??"

" නපුරො ටිකක්... "

" ඩැඩාට බබී ඉන්නවා..ඩැඩා අඩන්න අපා...........හොඳේ..... බබාට දුකයිනේ එතකොට.. මගේ බියුටි ඩැඩාගේ මූල කැත වෙනෝනේ... ඈක් වෙයි.. කෝ "

" බබී මං කෑ ගැහුවට තරහා නෑ නේද පැටියෝ..???"

" නෑ..ඩැඩා දුකෙන් නිසානේ...බබා තලා නෑ.."

" හ්ම්ම්..එහෙනම් අපි පහලට යමු ද හසරැල් මාමී ඉන්නවා.."

" හා.."

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Where stories live. Discover now