මගේ තනිතරුව - බෝනස් කොටස...
" මහී මේ ඇත්තටම ඔයා ද...??"
මහීගේ පෙනුමත් අවුල් සහගත වෙද්දී වෙනදට කට් කරලා තියන රැවුල අපිළිවෙලට වැවිලා තිබ්බා.. ඇඳුම් පවා පිළිවෙලක් නැති වෙද්දී මහීෂගේ ඇස් පවා නිදිමරලා ඇස්වටේ කලුවෙලා තිබුණා...
" මගේ මැණික...."
" ඇත්තටම මහී මේ ඔයා ද.. ? හීනෙන් නෙවෙයි නේද..?"
" නෑ බබී.. ඇත්තටම ඔයාගේ මෝඩ මහීෂ තමයි මේ... සොරි රත්තරන් මම පරක්කු උනා.."
මහීෂ ඇස්වල කඳුළු පුරවගෙන ඉසුරු දිහා අසරණ විදියට බැලුවා... ඉසුරු ඉක්මනින් මහීෂගේ උරහිසේ එල්ලීලා මූන පුරා හාදු දෙන්න ගත්තේ සෑහෙන්න සතුටකිනුයි.. ඒත් ඒ අස්සෙන් තිබ්බ වේදනාව මහමෙරම් තරමට විශාල උනා...
" මහී... මගේ මහී.... ඔයා දන්නවද මට ඔයාව මතක් උන තරම්.. ඔයාට රෑට නින්ද ගියාද මහී මම නැතුව.. ඔයා කොහොමද මහි මම නැතුව හුස්ම ගත්තේ.. කොහොමද ඔයා සති දෙකක් ජීවත් උනේ... ඇයි දෙයියනේ මහී ඔයා මට මෙහෙම රිද්දුවේ.... "
ඉසුරු මහීෂගේ පපුවට ගහ ගහා අඬද්දි මහීෂ ඉසුරුව තදින් බදාගෙනම හිටියා.. ඉසුරු ආපු කේන්තියට මහීෂගේ උරහිස තදින් හපාගෙනම එයාගේ වේදනාව පිට කරගත්තා.. ඇඳුමට උඩින් උනත් ඒ හැපුම් පාර හම අස්සට වද්ද්දී මහීෂ ඇස් තදකරගෙන ඒක දරාගත්තා... මහීෂගේ කටින් අවසානයේ කෙඳිරියක් පිට උනාම ඉසුරු එයාගේ දත් බුරුල් කලා...
පස්සේ ඉසුරු හපපු තැන අතගෑවේ ඉකිගහනගමනුයි...." ඇයි මහී අපිට මෙහෙම කලේ ඔයා.. අඩුම තරමේ ඔයා දන්නේ නෑ අපේ....අපේ...."
.ඉසුරු කතා කරන අතරේ ඉකි ගහන්න ගත්තා..
"ශ්..............අනේ මැණික අඬන්න එපා ඔයාට හොඳ නෑ... ප්ලීස්...."
මහීෂ ඔලුව අතගාලා කියද්දී ඉසුරු තවත් ඉකි ගැහුවා...
" අපේ බබා මහී.....අපිට බබෙක් එනවලු මහී... ඔයාගේ බබා.... "
ඉසුරු දිලිසෙන ඇස්වලින් මහීෂගේ රළු අත අරගෙන එයාගේ යටිබඩ උඩින් තිබ්බා... මහීෂගේ ඇස්වල කඳුළු අලුත් වෙද්දී මහීෂ ඉසුරුගේ මූන දෝතට අරන් මූන පුරාම හාදු තිබ්බා... අවසානයේ හිස් මුදුනේ තද කරපු හාදුව කඩලා මහීෂ ඉසුරුගෙ බඩට පාත් වෙලා ආදරණීය හාදුවක් තිබ්බා....
ESTÁS LEYENDO
🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚)
Romanceඑක් අසම්මත පෙම් කතාවක්.... පරිණත අන්තර්ගතයකි 🔞🥲