46 - මගේ ලෝකය

1.9K 289 91
                                    


මගේ තනිතරුව - සති දෙකකට පසුව





Isuru's POV

" බබී තාමත් මහීෂ පුතා ගැන ආරංචියක් නැද්ද එයා ඔයාට තාම කතා කලේ නැද්ද  ??"

" මමා ප්ලීස්.........
මම හිතුවක්කාරයො ගැන කතා කරන්න කැමති නෑ... අනික මම කියලා තියනවනේ දාලා ගිය අය ගැන කතා කරන්න ඔනි නෑ කියලා...  අපි පොලීසියට කිව්වානේ..
ඒ වගේම එයා හිටපු තැනට අපි ගියා...ඒත් එයා අපිව මගෑරියා... ඒ නිසා එයාට මාව ඕනි නැත්නම් මටත් එයාව ඕනි නෑ..."

"ඒ...එ..ඒත් පුතා ඒ ඔයාගේ ."

" ඇතී මමා ඇති. හොඳටම ඇතී..... "

මම ගෑරප්පුව හයියෙන් මේසෙ උඩට අතෑරියම මමා ගැස්සුනා... ඒත් මට කේන්තීයි හැබැයි මමා එක්ක නෙවෙයි.. අපේ ආදරේ ගැන සැකකරපු මහීෂ එක්කයි ... එයා කාගෙන් ද පලි ගන්නේ..මගෙන් ද. අනික මම මගේ හදවත නැවතිලා තියෙන්නේ කොතනද කියලා කියද්දිත් එයා එහෙම තනි තීරණයක් අරගෙන මෙහෙම ගිය එක ගැන මට තිබ්බේ කේන්තියක්....ඒ වගේම ලොකු වේදනාවක්....
අනික මම එයාගේ නීත්‍යානුකූල අයිතිය... එයා කොහොමද මං ගැන එයාට තියන වගකීම එහෙම පැහැර හරින්නේ....
ඊටත් වඩා එයා මට ආදරෙයි නම් කොහොමද එහෙම මට එයා කරන්නේ... 
මමා මගේ ඇස්වල පොරකන කඳුළු දැක්කා..
මමා මගෙ ලඟට ඇවිත් මාව බදාගත්තේ මගෙ ඇස්වල පොරකාපු කඳුළු මම අතාරිනවාත් එක්කමයි...

" ඉට්ස් ඕකේ බබී.... සේරම හරියයි. මගේ බබී අඬන්න එපා....!"

" ඇයි මමා එහෙම එයා මට කලේ....ඇයි පොඩ්ඩක්වත් මගේ හදවත ගැන එයා හිතන්නේ නැත්තේ.. ඇයි මට මෙහෙම කරන්නේ..... මගේ පපුව රිදෙනවා මමා... ගොඩක් .....ගොඩක් රිදෙනවා...."

මට දැනුනේ මගේ ඇගට පන නැති වෙනවා වගේ.... ඒත් එක්කම මගේ ඔලුව ලාවට කැරකෙන්න පටන්ගත්තා..මට දැනුනේ ඩයිනින් රූම් එක කැරකෙනවා වගේ... මම ඉක්මනින් මමාව අල්ල ගත්තා....

" ම...මමා....මාව කැරකෙනවා වගේ....  කලන්තෙයි..........ම්ම්හ්......"

මම මමාගෙ පපුවට තුරුලු උනා.. මමා මගේ පිට අතගාන ගමන් මාව සැනසුවා..

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Onde histórias criam vida. Descubra agora