26 - තෝරාගැනීම

2.1K 315 132
                                    


මගේ තනිතරුව







" උඹලා මට නොකියා මේ දේවල් කරපු එක ගැන මගේ කැමැත්තක් නෑ....අඩුම ගානේ මට කියන්න තිබුණා..

බබ  අපි ගෙදර යමු...!

බබා බය වෙලා වගේ මං මහීෂලට කෑගහපු හැටි බලාගෙන හිටියා..
ඒත් එයා මට උත්තර දීලා මගේ අතින් අල්ල ගත්තේ මම එයාගෙන් මුලින්ම දැක්ක ලස්සනම හිනාව පෙන්නලා... මම දැක්කා මහීෂ ඈත ඉදලා අපි දිහා බලාගෙන ඉන්නවා...
ඒ බැල්ම ගැඹුරුයි.. ඒත් මට මගේ බබාව විශ්වාස කරන්න ඕනි...මට මගේ බබාව ඕනි ඒ ඇස්වල අහිංසකකම මතක් උනාම එයා මොන විදියේ කෙනෙක් උනත් මට එයාව විශ්වාස කරන්න ඕනි...
මගේ බබා මට බොරුවක් කරන්නේ නෑ.. මට ඒක හොඳටම විශ්වාසයි.. මහීෂලා වැරදී....

" හරි අයියේ.."

" හසියා අපි යනවා.."

" මම නම් කියන්නේ කොල්ලා මං ලඟ ටික දවසක් තියන්න කියලා.."

" බෑ හසිත් එයාට ඩොක්ටර් ට්‍රීට්මන්ට් කරන්න කිව්වා.. ඒ නිසා මම ඒ ගැන බලන්න ඕනි. පුළුවන් නම් අපිට ආරක්ෂාව හදලා දෙන්න මොකද බබා ගැන මට බයයි.."

" ඕකේ මචං... ඒකේ අවුලක් නෑ මම උඹලා ට්‍රීට්මන්ට් කරනකන් කෙනෙක් සිවිල් පිට දාන්නම්..."

" හරි මචං තෑන්ක්ස්..  මහී අපි යමු.."

" එහෙනම් හසියා අපි ගිහින් එන්නම්..."

මහී හසිත්ව බදාගෙන එයාට සමුදුන්නා.. ඇත්තටම මට දෙන්නත් එක්කම හිතේ තරහක් තිබ්බා.. මොකද ඒ දෙන්නම මට නොකියා මගේ බබාව අරගෙන ගියා.. අඩුම තරමින් එයාට මට කියන්න තිබ්බා...

මහී මට එක පාරටම කී එක දුන්නා.. එයාගේ මූන හොඳ නෑ... ඒත් මට තාම තරහයි...

" ඇයි උඹ ඩ්‍රයිව් කරපං.."

මම කිව්වම මහියා මගේ දිහා බැලුවා...

" හු#තෝ...මම තොපේ ඩ්‍රයිවර් නෙවෙයි ඒ නිසා ගනින් බොගෙ ලබ්බ..මම මගින් බහිනවා."

මට කේන්තීයි...මට ඕනි උනේ නෑ කොහෙද යන්නේ කියලවත් අහන්න..
මම මහී අතින් කී එක උදුරලා අරගෙන බබාව ඉස්සරහින් වාඩි කරවගත්තා...
දෙන්නගෙන් කාගෙ දිහාවත් නොබලා මම 60 ට විතර පාගලා ආවා....

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Onde histórias criam vida. Descubra agora