මගේ තනිතරුව
" මහී...................................."
" ඔහ් ඉවරයි ඉවරයි අනේ මේ එනවා.....මේ එනවා.............."
" මට බඩගිනී...??
" අහ්...බබා මේ යනවා.."
නිරුවතින්ම අල්මාරිය පැත්තට හැරිලා මහීෂ කොණ්ඩේ පිහිද පිහිද හිටියා... ඉසුරුගේ කෑගැහිල්ල නිසා මහීෂ ඉක්මනින් ලෑස්ති වෙලා පහලට දිව්වා.. මහීෂ බාගෙට ඇද ඇද දුවන දිහා ඉසුරු බලාගෙන හිටියෙ හොරෙන් හිනා වෙවී...කලබලේට පාපිස්ස නිසා ලිස්සලත් යන්න ගියා කියලා ඉසුරු දැක්කා...ඉසුරු බයවුන පාර අතත් ඉස්සුනා. ඒත් මහීෂ එයාව බැලන්ස් කරගෙන ඉසුරු දිහා හැරිලා බැලුවම ඉසුරු කට කොනක් ඇද කරලා අහක බලාගත්තා...
" හොඳ වැඩේ.. මේ පටන් ගැනීම විතරයි මිස්ටර් මහීෂ මාව දාලා ගියාට මම පලිගන්නවා..."
මහීෂ පහලට ගියාම ඉසුරු ආපහු ඇදේ පෙරලුනා.. ඇස් දෙක පියාගත්තම එයාට මතක් උනේ මහීෂගේ නිරුවත් ශරීරය.. ටිකකට කලින් බඩගිනී කියලා කෑ ගැහුවෙත් ඉසුරුට දැනුනා මහීෂගේ නිරුවත දැක්කම ටික ටික එයාව ඇවිස්සෙනවා කියලා... පස්සේ ඉසුරු කොට්ටක් එයාගේ කකුල් දෙක අස්සට තද කරන් එයාගේ හැඟීම් ඉවස ගත්තා..
ටිකකින් මහීෂ ඇතුලට ආවත් දැක්කේ සුවසේ නිදන ඉසුරු කෙනෙක්.. මහීෂ ඇද ලඟ හිමීට පාත් උනේ පොළවට පවා නොදැනෙන තරම් පරිස්සමටයි...
"මගේ මැණික..."
මහීෂගේ රළු ඇඟිලි කෙස්වලට පවා නොදැනෙන විදියට ඉසුරුගෙ හිසකෙස් අතරෙ ඒ මේ අත ගියා... මුලු කාලය පුරාවටම මහීෂගේ මූනේ ලාවට හිනාවක් ඇදිලා තිබුණා.. ඒත් ඒ හිනාව තිබියදීම ඇස්වලින් කඳුළු ගලාගෙන ගියේ මහීෂගේ පපුවට සියුම් වේදනාවක් ද එකතු කරවමිනුයි..
" මට සමාවෙන්න වස්තුව... ඒ සුභ ආරංචිය අහන වෙලාවට මම ඔයා එක්ක හිටියෙවත් නෑ.. ඒත් මමා මට කෝල් කරලා කිව්ව ගමන්මයි මම දුවගෙන ආවේ.. මගේ මැණිකට මාව ඕනි කියලා මම දන්නවා.."
මහීෂගේ සීතල දෙතොල් ඉසුරුගේ නලලත දැනෙනවාත් එක්කම ඉසුරු හිමීට එයාගේ ඇස් ඇරියා... දැනුනු ස්පර්ශීය හැඟීමත් එක්ක හිත පිරුණු ආදරේ නිසා ඉසුරු මහීෂගේ බෙල්ල වටේන් අත දාලා තුරුළු උනා..
ESTÁS LEYENDO
🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚)
Romanceඑක් අසම්මත පෙම් කතාවක්.... පරිණත අන්තර්ගතයකි 🔞🥲