44 - වියවුල

1.9K 284 63
                                    


මගේ  තනිතරුව - පසු දා සවස











"බේබි.. ???

" ම්ම්හ්...??"

" ඊයේ රෑ...."

" ම්ම්හ්.."

සොරි බං.... මම බීලා හිටියේ මට තේරෙන්නෑ මම ඔයාට කොහොම කතා කරාද කියලා...

" ........."

ඉසුරු නිහඬව මහීෂ දිහා සීතල බැල්මකින් බැල්වා..

"දෙයියනේ මැණික මට ඔහොම කරන්න එපා බං පපුව කැක්කුමයි මගේ "

මහීෂ වේදනාවෙන් ඉසුරුගේ ඇද ලඟ දණගහගත්තා..  ඉසුරු ගැඹුරු හුස්මක් අරගෙන මහීෂ ලඟින් වාඩි උනේ මුළු දවස පුරාවටම දීපු දඬුවම ඉවර කරන්න කියලා හිතාගෙනයි....

" එහෙනම් මගේ නමින්  දිවුරන්න  ආයේ කිසිම දේකට තරුෂව ඇදලා ගන්නේ නෑ කියලා.."

ඉසුරු මහීෂගේ අත අරන් එයාගේ ඔලුවෙන් තියාගත්තා...

" ඊට කලින් මට දෙයක් කියන්න මැණික..."?

මහීෂ කඳුළු පටලයක් බැඳි දෑසින් ඉසුරුගේ නිකටෙන් ඇල්ලුවා..

" මොකක්ද ...!"

ඉසුරු මහීෂ දිහා බැලුවෙත් වේදනාවෙන්.. ඊයේ රෑ සිදුවීම දෙන්නගෙම හිත් පාරලා පොඩි කරලා දාලා තිබුණා...

" තරුෂ ආපහු ආවොත් ආපහු උඹ ඌටත් ආදරේ කරනවද..?

" තරුෂ කියන්නේ වගීෂ.... ඔයාට වගීෂ මට කරපුව මතක නැද්ද මහී.. ඔයා කොහොමද මාව අසීමිතව රවට්ටපු මිනිහට මම ආදරේ කරයි කියලා හිතන්නෙවත්... ඔයාට පිස්සු හැදිලද මහී...

මට ඔයා ගැන කලකිරෙනවා... "

ඉසුරු රවාගෙන  ගස්සලා නැඟිටලා ගියා...
ඒ වචනවලට  මහීෂගේ හිත පෑරිලා  ආයෙම කඩාගෙන වැටුණා..

" එතකොට මැණික ඒ දෙන්නෙක් නම්..???........"

මහීෂ එකපාරටම නැඟිටලා වැටෙන කඳුළු පිහිදගෙන ඩොක්ටර් අතපත්තුගේ ෆ්බී එකවුන්ට් එක ආපහු බැලුවා...

" මම ගිහින් කතා කරලා බලනවා.. ඇත්තටම ඒක එහෙමනම් මම මෙතම ලොකු වරදක් කරනවා.. මොකද එයා තමයි ඔයාගේ ඇත්තම ආදරේ ... මම නෙවෙයි... "

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Where stories live. Discover now