19. දොස්තර උපදෙස්

2K 337 86
                                    


මගේ තනිතරුව





" හ්ම්ම් එහෙනම් අපි සාමාන්‍ය විදියට එයාට සලකමු.."

දැන් මට ඕනි උනේ එයාව සාමාන්‍ය කරගන්න.. ඇත්තටම මට දැනගන්න ඕනි මේ වෙන දේවල් මොනවද කියලා.. ඇත්තටම එයා මාෆියාකාරයෙක් කියලා මගේ හිත තාමත් පිළිගන්න කැමති නෑ .
මගේ ඇස් ඉස්සරහා එයා තාමත් තනි වෙලා  පාරේ පිස්සුවෙන් දුවපු  අහිංසක හදවත..

" උඹ තීරණය කරලා ඉවරයි නේද..?"

මහියා මගේ ලඟින් වාඩි වෙලා මගේ උරහිසෙන් අත තිබ්බා.. ඒ වෙලාවේ මට තප්පරයකට හිතුනා ඒ පපුව අස්සේ ඔලුව තියාගෙන ටිකක් සැනසෙන්න...
ඒත් මම දැන් දැන් මගේ හිතට බයයි... මගේම හිත ගැන මට බයයි.. බබාගේ ප්‍රශ්නත් එක්ක මගේ හිත හෙම්බත් වෙලා.. ඇත්ත.....
මට ඕනි සැනසීමක්.....
ඒත් ඒ සැනසීම ලබා ගන්න ගිහින් මගේ හැමදේටම හිටපු මගේ හොඳම යාලුවව මම නැති කරගන්න බයයි.. 
මට ඌවත් ඕනි...
මට මගේ මැණිකව සනීප කරගන්නත් ඕනි...
ඒ අහිංසක හදවත මගේ ලඟ තියාගෙන එයාගේ හුරතලේ මට විඳින්න ඕනි...
එයා මට ඩැඩා කියලා මගේ ලඟ හුරතල් වෙනවා මට හැමදාම දකින්න ඕනි..
එයාව මගේ අත්වලින් මට පොඩි කරන්න ඕනි...
ඒ ලිප්ස් ඇති වෙනකන් මට මගේ කරගන්න ඕනි...
ඒ සිනිදු  වත මගේ ඇඟට  යට කරගන්න ඕනි....
ඒත් ඇයි මගේ හිත ආයෙම චකිතයකින් පිරෙන්නේ.
ඇයි මට හිතෙන්නේ මගේ තරු කැටේ මම හිතන බලාපොරොත්තු වෙන කෙනා වෙන එකක් නෑ කියලා..
එයා පියවි සිහියට ආවම වෙනස් වෙයි කියලා ඇයි මට හිතෙන්නේ.. ..
ඇයි මගේ හිත ඒකට මේ තරම් පෑරෙන්නේ....

" මහියා....."

මම මහියගේ අත් දෙක අරගෙන මගේ නලල ඒ අත් දෙකේ ඇඟිලිවල  තියා ගත්තා..මම පීඩනයකින් ඉන්න වෙලාවට මම එහෙම කරත් ඒ තරම් පීඩනයක මම හිටපු අවස්ථා අතේ ඇඟිලි ගානටත් වඩා අඩු උනා...

" උඹ අමුතුයි බන්... ඇත්ත කියපං හු#තෝ  උඹ අරූට ලව් කියලා මං දන්නවා.. මම අහන්නේ  ඇත්තටම උඹ උගෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ..උඹට ඕනි නැද්ද ඌට හොඳ වෙලා උගේ ආදරේ විඳින්න...??"

අනේ මංදා   මම ඇත්තටම බබාගෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.. 
එයාව සනීප කරගෙන මගේ Boyfriend කරගන්න ද..? නැත්නම් Husband ????
නැත්නම් මෙහෙමම තියාගෙන දරුවෙක්ට වගේ සලකන්න ද? 
ඇත්තටම මට මොකක්ද ඕනේ...
ඇත්තටම එයාගේ හුරතල් ගතිවලට ද මම ආදරේ කරලා තියෙන්නේ..
එයාට යැපෙන්න ඉන්නේ මං විතරක් නිසාද මට එයාව ඕනි උනේ..
ඒත් එයා සල්ලිකාරයෙක් මාෆියාකාරයෙක් කිව්වම මගේ හිත ඒක පිළිගන්න අකමැතී වගේම මම එහෙම කෙනෙක් තරූ බබාගෙන් බලාපොරොත්තු වෙලාම නෑ...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Donde viven las historias. Descúbrelo ahora