මගේ තනිතරුව" එයාව සනීප කරන්න පුළුවන් වෙන්නේ එයාගේ අතීතය දන්න කෙනෙක්ට විතරයි.. දැනුත් එයාට අතීතයේ කොටස් සමහර වෙලාවට මතක් වෙන්න පුළුවන් .. ඒ වගේම එයාගේ උඩු සිත ඒ මතකයන් ප්‍රතික්ෂේප කරනවා...
එයාට ඕනි ලොකු සිදුවීමක් වගේ දෙයක් අමතක කරලා දාන්න..
ඒ සිදුවීම උන වයසට කලින් වයසෙ නැවතිලා ඉන්න.. ගොඩක් අයට එහෙම වෙන්නේ එයාට ඒ වයසෙන් පස්සේ උන අඳුරු මතකයක් වහගන්න මගහැරගන්න වෙන්න පුළුවන් ..
මේක පෞරුෂ ආබාධයක්... කෙලින්ම එයා යතාර්තය ප්‍රතික්ෂේප කරනවා...
රැකවරණයක් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා...
ඒත් සමහර වෙලාවට එයා සාමාන්‍ය වෙන්න පුළුවන් හැබැයි ඒක තප්පර හෝ විනාඩි ගානකට වෙන්න පුළුවන් ..
ඒත් එයා ඒ සේරම මතකයන් ප්‍රතික්ෂේප කරන්න උත්සහ කරනවා.. මට හිතෙනවා එයා ඔයාලා මත යැපිලා හැමදාටම ඔහොම ඉන්න උත්සහ කරනවා කියලා.."" අහ්....ඒ කියන්නේ බබා අපිට බොරු කරනවද..?"
මම ඇහුවම ඩොක්ටර් හිනා වුනා.. ඇත්තටම මට පුදුමයක් වගේම ලොකු කුතුහලයක් ඇති උනා ඇයි එහෙම කියලා...
" කොහෙත්ම නෑ... එයාවත් දන්නෑ ඇයි එයා එහෙම හැසිරෙන්නේ කියලා.. කොටින්ම එයා ඉන්නේ ඇත්තටම මනසින් ඒ වයසේ...
අපි බලමුකො...
පැහැදිලිවම කිව්වොත් එයාට මේ ඇක්සිඩන්ට් එක වෙලා අවුරුදු දෙකකට වැඩි මිස අඩුනම් නෑ.....
ඒත් මතකය අහිමි වීමක් උනත් මේ වගේ පෞරුෂය වෙනස් වීමක් නිකන් වෙන්නේ නෑ...
මේක කලාතුරකින් එන ආබාධයක්.. මෙහෙම වෙන්නේ එයාට දරාගන්න බැරි තරම් සිදුවීමක් උනාමයි..
ගොඩක් දුරට මෙහෙම වෙන්නපුළුවන් ම්ම්ම්ම්ම් ........... උදාහරණයක් විදියට එයාට දෙයක් උනා අවුරුදු පහේදී... පස්සේ එයා ජීවිතේ ඉදිරියට ආවා සාමාන්‍ය විදියට අතීතය යටපත් කරගෙන...
නමුත් එයාට ඒ හා සමානම සිදුවීමක් ආපහු ඒ විදියටම වෙනවා දැනට අවුරුදු දෙකකට කලින්..
අන්න එතකොට එයා ආයෙ කඩා වැටෙනවා...අපි කියමු රබර් බෝලයක් වේගෙන් ඇවිත් වැදිලා ජනෙල් වීදුරුවක් බිඳෙනවා.. පස්සේ ඒක අලවනවා..
ඒ අලවපු වීදුරුවටම ආයෙම රබර් බෝලයක් ඇවිත් වැදෙනවා .. සිදුවීම එකමයි... පස්සේ තවත් දරාගන්න බැරි තරමට ඒ විදුරුවම තවත් කැඩිලා බිඳිලා යනවා.. කොහෙත්ම අලවන්න බැරි වෙන්නම.. ඉතින් එයාට කලකිරීම පසුතැවීම වරදකාරී බව එක හා සමානවම දැනෙනවා ඒකින් එයා දරාගන්න බැරි වෙන්නම වැටෙනවා..
තේරෙනවද...
VOCÊ ESTÁ LENDO
🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚)
Romanceඑක් අසම්මත පෙම් කතාවක්.... පරිණත අන්තර්ගතයකි 🔞🥲