මගේ තනි තරුව" ආශ්.........මේ කොල්ලා මගේ හුස්ම ටිකවත් අන්තිමට ඉතුරු කරයිද..?"
මම අමාරුවෙන් Wash එකක් දානගමන් අතේ සරණ ගියා. දෙයියනේ මේ කොල්ලා දිගටම මෙහෙම උනොත් මාව පුපුරලා යයි....ඇත්තටම ඇයි මම මෙයා ලඟ මේ තරම් අසරණ වෙන්නේ... හැඟීම් මෙච්චර කල් හැංඟිලා තිබුණේ හරියට සිහිකල්පනාවක් නැති එයාව ලැබෙනකන්මද..?
මම සේරම ඉවර කරලා යද්දිත් එයා සැපට කොට්ටයක් තුරුළු කරගෙන නිදාගෙන ඉන්නවා...
මොන දේ උනත් එයාව දැක්කම මගේ මූනේ හිනාවක් ඇදුණා.... අහිංසක සුදු බෝලයක්.. ටිකක් වෙලා මම ඒ මූනේ ලස්සන සියුම් තැන් තදින් හිතේ ඇදගෙන එයා ලඟින්ම ආයෙම වැතිරුණා... මාව හුරුයි වගේ එයා මගේ උණුසුම හොයාගෙන තුරුළු වෙද්දී මමත් එයාව මගේ අතක් උඩට අරන් එයාගේ ඉනවටෙන් අත දාලා මට ලං කරගත්තා...එයා තවත් මගේ පපුවට ලං වෙද්දි මම ඉක්මනින් මගේ පපුවේ එයා ඇරපු පිජාමා බොත්තම් ටික දාගත්තා... එයා සැනසීමෙන් නිදාගෙන ඉද්දී මට දැනුනේ මං ගැනම සතුටක්....
මම එයාගේ සුසුම්වල හඬටම කන් දීගෙන එයාගේ නලල හිමීට ඉඹලා ඇස් පියාගත්තා....පහුවදා උදේ පාන්දරම අපි නැකතට තිසාගේ මුල් ගල තිබ්බා.. ඒ වෙනකනුත් එයා නිදි... අපි උදේට කන්න ගෙදරට එද්දී අටත් පහුවෙලා.. අපි එනකොට එයා සැටි එකේ වාඩි වෙලා කොණ්ඩෙත් අවුල් කරගෙන මූනත් ඇද කරගෙන පොරවගෙන හිටපු බෙඩ් ශීට් එකත් ඇග වටේ ඔතාගෙන හිටියා.. කකුල් නවලා වාඩි වෙලා හිටියට ඉන්නේ නිදාගෙන.. කුකුලෙක් වගේ...මට දැක්ක ගමන් හිනාවක් පැන්නා..
" අන්න උඹේ බනිස් ගෙඩිය සැටියෙ කිරනවා..."
මහියා රවලා කියද්දී මම මගේ සුදු බෝලේ ලඟින් වාඩි උනා...
" ඩැඩා....................අනේ ඩැඩා කෝද ගියේ මාව දාලා මෝඩියා......."
එයා මට ඒ අත්වලින් පාරවල් දෙක තුනක් දෙන්න ගත්තම හිත බබා උනාට ඇග පත නම් බබා නෙවෙයිනේ. මට ඒ පාරවල් කන්න බෑ රිදෙනවා.. මම ඉක්මනින් අතින් අල්ල ගත්තා...හිත අස්සේ මේ හුරතලයට පුදුම ලෝබකමක් දැනුනා...
" කෝ සුදු බෝලේ අපි යමු... ඇඟ සෝදලා සෝයියක් ඇදගෙන බයි කන්න එමු..."
YOU ARE READING
🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚)
Romanceඑක් අසම්මත පෙම් කතාවක්.... පරිණත අන්තර්ගතයකි 🔞🥲