43 - මධුසමයෙන් පසු

2.5K 283 40
                                    


මගේ තනිතරුව





" මහී... දැන් ඔයා කම්පනි එකට යන්නෙ කවදද..?"

ඉසුරු සාමකාමීව කා එක පදවගෙන යන මහීෂ දිහා බලලා ඇහුවා..

" කවද්ද මම යන්න ඕනි..?"

මහීෂ ඉසුරුගේ අත අරන් ඇඟිලිවලට කිස් එකක් දුන්නා...

" ඔයා කැමති දවසක් දාගන්න.."

" හ්ම්ම්.. අපි මමාලා එක්ක කතා කරලා බලමු මට එහෙම කියන්න බෑනේ..."

" ඇයි.. ඒ දේවල් මගේනේ "

" ඒවා උඹේ උඹ මගේ එතකොට ඒවත් මගෙද..?

" නැතුව..."

මහීෂ ඉස්සරහා බලාගෙනම හිනා උනා...

" ඒ පාර මොකද.

" නැ.. මට ඉස්සර ඉස්සව මතක් උනා. ඌට අම්මලගේ දේපල අරහං... මටත් බයිනවා කා එක ඇල්ලුවමත්.."

එත්කොට ඉසුරු සුසුමක් හෙලුවා..

" ඉස්සර මට මගේ කියලා දෙයක් තිබ්බේ නෑනේ මහී..."

" ඇයි උඹට ඉස්සර මම හිටියේ..."

"හිටියා තමා ඉතින්.. එතකොට අපි යාළුවොනේ.."

" ඒ ඉතින් උඹේ හිතේ තිබ්බ හැටිනේ..."

" ඉතින් ඔයත් කිව්වේ ඔයාට ආදරේ හිතුනේ ත.....චඃ...."

" චඃ.. කිව්වේ මොකෝ උගෙ නම කියන්න අමාරුද..?"

" අමාරු නෙවෙයි මං ආස නෑ..."

ඉසුරු ජනේලෙන් ඈත බලාගෙන යද්දී මහීෂගේ ඇස්වල තිබ්බේ වේදනාවක්...ඉසුරු කල්පනාවකට වැටෙද්දී මහීෂ ගෙදරට ඇවිත් නවත්තලා ඉසුරුගේ උරහිසට අත තිබ්බා...

" බැහැපන් අපි ආවා.."

" හා.."

දෙන්නම ගෙදරට යද්දි මැක්සි දෙන්නා ඉස්සරහට පිම්මේ දුවගෙන ආවා. ඒත් එක්කම මමාලා වගේම තිසත්ලත් ඇවිත් දෙන්නව බදාගෙන පිළිගත්තා..

" අම්බෝ......ඩබල සතියක් ඇද්දා කොහොම හරිනේ... "

තිසත් මහීෂගේ උරහිසට බර තට්ටුවක් දාලා කුප්ප හිනාවක් දැම්මා.. ඉසුරුවත් බදාගනිද්දී තිසත් ඉසුරුගේ කනට බර උනා...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Where stories live. Discover now