24 - තොරතුරු

2K 319 90
                                    


මගේ තනිතරුව


ඩොක්ටර් අතපත්තු බෙල් එක ගැහුවම සමන් ගිහින් දොර ඇරියා.. මහී cctv system ඔක්කොම බලලා හරියට හදලා ගිය නිසා එන අය පහසුවෙන් අදුනගන්න පුළුවන්කම තිබුණා...

" හෙලෝ ඉසුරු.. කොහොමද ඉතින්..??"

" එන්න ඩොක්ටර් වාඩි වෙන්න.."

හවස් වෙද්දී නිදාගත්ත නිසා ලැබුණු විවේකයත් එක්ක මගේ ඇගට අමාරුවක් තවදුරටත් තිබුනේ නෑ.. මම වෙලාව බැලුවම 7.30 ත් පහුවෙලා.. තාමත් මහී නෑ... හිතට අමුතුම වේදනාවක් දවල් ඉදලම තිබුණු නිසා මම තරුෂට මහීගේ නම්බර් එක් ඩයල් කරලා කෝල් කරන්න දුන්නා... මේ අතරේ ඩොක්ටර් වාඩි වෙලා තරුෂගේ හැසිරීම් නිරීක්ෂණය කරනවා කියලා මට දැනුනා...

" ඉතින් ඉසුරු හදිසියේම මොකක්ද උනේ..??"

" හෙලො මහී අයියේ ඔයා කොහෙද??"

" අහ්...හරි හරි.. ඩොක්ටර් ආවා ඒකයි.."

" ඉන්නවා.. එයා තමා මට කෝල් එක අරන් දුන්නේ.."

" අහ් හරි අයියේ..  තියන්නම්.. පරිස්සමෙන් එන්න.."

ඩොක්ටර් කතා කරත් මගේ ඔලුවේ කැරකුනේ තරුෂගේ කටහඬ විතරයි..  ඇත්තටම මහී කොහෙද තකහනියේ ගියේ..?

" මිස්ටර් ඉසුරු ඔයා අහගෙන ද ඉන්නේ..?

" අහ්... හ්...ඔ...ඔව් ඔව්.... "

" මම ඇහුවේ මොකක්ද හදිසියේ උනේ කියලා..??"

" සේරටම වැරදි මමයි ඩොක්ටර් මම කවදාවත් නැතුව බබාට කෑගැහුවා.. පස්සේ එයා මං එක්ක තරහා වෙලා කාමරේ හිටියේ.. මම එලියේ බෙන්ච් එකේ වාඩිවෙලා කල්පනා කර කර ඉදලා ටිකකින් බබාව බැල්කනි එකේ දැක්කා.. නිකමට මට බය හිතුනු නිසා මම මහියා ගියාම තරුෂ බබාව හොයාගෙන ගියා..  ඒත් මම බැල්කනි එකේ දැක්කේ එයාගේ සෙරප්පු දෙක විතරයි.. ඉතින් මම පහල බැලුවම මම එයාගේ ඇදුමක් දැක්කේ එයා වගේ... ඉතින් මම ශොක් උන පාර බිමට පනින්න ගියාම බබා දුවගෙන ඇවිත් මාව අල්ල ගත්තා.. එයා පැනලා නෑ මට වැරදීමක් වෙලා... පස්සේ එයා ඩැඩා ගාගෙන මගේ ලඟට දුවගෙන ආවත් මාව ඇදලා උඩට ගත්තට පස්සේ මට එයාගේ වෙනසක් තේරුණා...
එයා තවත් මට ඩැඩා කියලා කතා නොකර ආගන්තුකයෙක් ගානට කතා කරා.. 
මට බැන්නා.. මාව පහතට දාලා කතා කරා...
පස්සේ ඒ වේදනාවට මම ආයෙම පැන්නම එයා මාව බේරගෙන කනට ගැහුවා.. පස්සේ මම එයාව බලෙන් අල්ලන් කිස් කරා..
අන්තිමට එයා මාව තල්ලු කරා.. ඒකින් මට තුවාල වෙලා ලේ ගොඩක් ගියා...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ