මගේ තනිතරුව
" ම්හ්....."මගේ මුළු ඇඟම තලලා දාලා වගේ වේදනාවක් දැනෙද්දී මම අමාරුවෙන් උත්සහා කරේ මගේ එකට ඇලිලා ගලවගන්න බැරුව තිබුණු ඇස් දෙක ඇරගන්නයි... ඒත් මට හැරෙන්නවත් පනක් නැතිවෙද්දි මට ඕනි උනේ උදව් ඉල්ලලා කතා කෑගහන්න.. ඒත් මගේ කෑගැහිල්ල මටම ඇහුණෙ කෙඳිරියක් ගානටයි...
" අහ්....මහී..අහ්...බ..බා....."
" ඇහ්.. සුදූ නැඟිට්ටද..කෝ...??"
නුපුරුදු රොගෝසු කටහඬක් ඇහුනම මම වතුර ටිකක් ඉල්ල ගන්න උත්සහයක් ගත්තා..මගේ ගත හරියට වැඩ නොකරත් මගේ හිත ඒ මේ අත දුවලා පියවි සිහියට එන්න උත්සහා කරා...
" ව.....ව ....තු....ර......ම්ම්....හ්........."
ඒත් එක්කම මගේ කන් දෙකට ඇහුණා වතුර වැත්කෙරෙන සද්දයක්... ඇඟට අමුතුම සීතලක් දැනුනා...ඒත් මගේ දෙතොල් අතරට දැනුනේ උණුසුම් වතුර පොදක පහසක්... මම හිමීට මගේ වේලිලා ඇලිලා තිබ්බ තොල් ඇරලා ඒ වතුර ටික කටට ගත්තා..ඒත් පොවපු කෙනා එක පාර වතුර ගොඩක් කටට නොදී චුට්ට චුට්ට මගේ දෙතොල් අතරට තියද්දී මට ඒ කෙනා ගැන පැහැදීමක් ඇති වුනා...
හරියට වතුර පොදක් වැටුණට පස්සේ මට මගේ ඇස් හිමීට ඇරගන්න පුළුවන් උනා.. ඒත් මට දැනුනේ මගේ ඔලුවෙන් ලොකු කළු ගලක් තියලා වගෙයි..." අහ්..?"
මගේ ඉස්සරහා හිටියේ ත..රු...නෑ..වගීෂ....එයා මම බලනකොට මගේ නලලෙන් සුදු පාට රෙදි කෑල්ලක් තිබ්බා... ඒක කොළොන් සුවඳයි...අහ්... හරිම සනීපයි....
" සුදූ ඔයාට දැන් කොහොමද ?තාම ඇඟට අමාරුද..සීතල ද උණ වගේ ද...?"
අහ්...සුදූ... කවුද සුදූ..එක පිට ප්රශ්න වැලක් අහන්නේ මොකාද මලවදේ....
මම ඇස් කරකවලා බැලුවේ වෙන කවුරුත් ඉන්නවද කියලා...
න්...නෑ වෙන්න බෑ.. එයා මටයි සුදූ කියලා තියෙන්නේ..." අහ්..?"
" ඔහොම බලද්දී කියුට්...".
යකෝ... මූ මට ද කියුට් කියන්නේ... මගේ මොට තනේ එල්ලිලා හිටපු එකා... අහ් එතකොට මේකා සේරම බොරුනේද කරේ... අර බබෙක් වගේ මගේ ඇගේම එල්ලුන ඒවා... ආශ්.......සූකුරුල්ලෙක් ගැනත් .. ආශ්...........මට ලැජ්ජයි දෙයියනේ... කවදාවත් නැතුව මට එයාගේ ඇස් දිහා බලන්න බැරිකමක් දැනුනා... මම ඒ නිසාම ඒ ඇස් මගෑරලා අහක බලාගත්තා....