53 - වරද

1.8K 261 35
                                    

මගේ තනිතරුව






" මහී........."

" බබහ්...අහ් එනවා.... "

මහී කලබලයෙන් පෝන් එක කට් කරලා ඉසුරු ලඟට දිව්වා... ඉසුරු අඩ නින්දෙන්ම වගේ අනිත් පැත්ත හැරෙන්න යද්දී මහීෂ ඉසුරුව අල්ල ගත්තා..

"දෙයියනේ පෙරලෙන විදියට මෙතන අමාරුයිනේ පන නිදාගන්න.."

මහීෂ ඉසුරුවහිමීට එයාගේ උකුලට අරගත්තා.. අපි ගෙදර යමු මැණික...

මහීෂ ඉක්මනින් බොඩිගාඩ්ට කෝල් එකක් ගත්තා...

" ඉක්මනින් වෙහිකල් එක ගන්න කියන්න.. මම පොඩි සර් එක්ක ගෙදර යනවා..එයාට මහන්සී.."

" ඕකේ සර්..ං

එතකොටම මැනේජර් දොරට තට්ටු කලා...

"එන්න....!"

" සර්ලා යනවද..?"

" මේන් නිදි... එයාට මහන්සී රයන් ඒ නිසා අපි යනවා.. මේයාව ගෙදර දාලා මං එන්නම්.."

" කමක් නෑ සර් එහෙනම් හෙට ඉදලා වැඩ පටන් ගමු.."

" හරි එහෙනම්.."

මහීෂ ඉසුරුව ඉනට වඩාගෙන ගියේ බඩත් තද නොවෙන්නයි... වඩාගෙන යද්දී හැමෝම දෙන්නා දිහා කටවල් ඇරගෙන බැලුවත් මහීෂ ඒ හැමෝටම රවලා කාවවත් ගනන් නොගෙන වාහනයට ආවා.. ඉසුරුව පරිස්සමෙන් වාඩි කරවගෙන පපුව උකුල උඩින් මහීෂගේ ඔලුව තියාගත්තා...

" ජැකී ශොප් එකකින් නවත්තලා pizza අරගන්න.... තව ක්‍රිස්පි චිකන් ගන්න බකට් හතරක් හරි පහක් හරි "

මහීෂ එයාගේ කාඩ් එක දීලා ඩ්‍රයිවර්ට කිව්වා..
ඉසුරු තවත් මහීෂව බදාගෙන තුරුළු වෙද්දී මහීෂ ඉසුරුගේ නලලත හාදුවක් තිබ්බා...

" මගේ ඉරිසියාකාර නපුරා.."

මහීෂට ගුටිකාපු කෙල්ලො දෙන්නගේ මූනු මතක් වෙලා හිනාවක් ගියා..

" මොනා උනත් උන් දෙන්නා පව් බබා... "

ටිකවෙලාවකින් මහීෂ ගෙදර ඇවිත් ඉසුරුව වඩාගෙනම ඇතුලට යද්දී මමා පපා නුවී තුන්දෙනාම බය වෙලා එලියට දුවගෙන ආවා...

" ශ්.........................................නිදි නිදි..."

මහීෂ රහසින් කට්ටියට කිව්වම දුවගෙන ආපු තුන්දෙනා ගල් වෙලා වගේ එකම තැන නැවතුනා...තොල් ඇතුලට තද කරගෙන කටවල් වහගත්තම මහීෂ ඉක්මනින් එයාලගේ පහල රූම් එකට ගියා... පිටිපස්සෙන් ආපු ජැකී ගෙනාපු කෑම මමාගේ අතට දුන්නම මම ජැකීටත් කෑමට කතා කලා..
මහීෂ පරිස්සමෙන් ඉසුරුව ඇදෙන් තියලා බ්ලැන්කට් එකෙන් වැහුවේ ටිකක් සීත ගතියක් කාමරේ තිබ්බ නිසයි. හීටර් එකත් ඔන් කරලා මහීෂ වොෂ් එකක් දාගන්න ගියා..
එද්දි ඉසුරු ඇද උඩ වාඩි වෙලා අඬ අඬා ඉන්නවා...

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Место, где живут истории. Откройте их для себя