21 - එයාගේ අමුත්ත

2K 337 84
                                    


මගේ තනිතරුව

" ඇයි ඔහොම කතා කරන්නේ බබා.."

ඒත් ඒ ඇස්වලින් මට ලැබුණේ සීතල බැල්මක්... ඇත්තටම එයා හොඳ සිහියෙන් ද..? දැන් වෙනස් උනේ මාව අමතක වෙලා ද.? දෙයියනේ මම හැමදේම දීලා මලක් වගේ එයාව අමාරු කාලේ බලාගෙන දැන් මට ලැබෙන්නේ එයාගෙන් සීතල බැල්මක් විතරයි ද? ඇයි.....ඇයි එහෙම වුනේ...
මගේ පපුවත් එක්ක මුළු ඇඟටම දැනුනේ වේදනාවක්... කිසිම කඳුළක් නැතිව මට ඉකියක් ගැහුනා...

ඇයි... ඇයි...ඇයි මට මෙහෙම උනේ...

පපුවේ තිබ්බ බර දුක් වේදනාවන් සේරම කඳුළු  බවට පත් වෙලා මගේ ඇස්වලින් ගලාගෙන ගියා.. ඒවා නවත්තගන්නවත් මට තවදුරටත් ඕනිකමක් නෑ..  ඇති වෙනකන් අඬන්න මම මගේ ඇස්වලට ඉඩ දුන්නා... මගේ මැණිකගෙන් මම මෙහෙම සැලකුම් ලබන්න තරම් පව්කාරයෙක් වෙද්දී මම මොහොතකට කලින් බැල්කනි එකෙන් වැටුණනම් කියලා මට තප්පරයකට හිතුනා...
ඒත් ඇත්තටම එයාට මාව අමතක නම්.. එයා එහෙම හැසිරෙන එක අලුත් දෙයක් නෙවෙයිනේ.. ඒ නිසා මම ආපහු අහනවා එයාගෙන්...

" බබා.. ඔයාට ඩැඩාව මතක නැද්ද බබා... කෝ මගේ ලඟට එන්න.. ඔයාට මාව තුරුළු කරගන්න ඕනි නැද්ද සුදූ.. "

මම මගේ අත් දෙක දිගෑරලා එයාට මගේ තුරුළට කතාකරා.. ඒත් එයා අමුතු හිනාවක් එක්ක මං දිහා බලාගෙන ඉද්දී කලින් රිදුන පපුව තවත් මට දරාගන්න බැරුව ගියා.. දෙයියනේ මාත් මනුස්සයෙක්... මට තියෙන්නෙත් හදවතක්....

" ඇයි මැණික ඩැඩා දිහා ඔහොම බලන්නේ..?? ඩැඩාව එපා ද මගේ බබාට.. ?? එහෙනම් ඇයි බබා මාව වැටෙන්න දුන්නේ නැත්තේ..?"

ඒත් එයා නිහඬයි... එහෙනම් මට තවත් ඉන්න ඕනි නෑ බබාට මාව එපානේ.. මං යන්නම්....
ඇත්තටම මට පනින්න ඕනි නෑ.. ඒත් බබාට මාව එපා නම් මාව මට ඕනිත් නෑ... මට වෙන කිසිම දෙයක් දැන් හිතෙන්නේ නෑ... මම ඉක්මනින් අනිත් පැත්ත හැරිලා බැල්කනි එකේ අත්වැටට අත තියලා එළියට පැන්නා.. ඒත්..........ඒත් දෙවෙනි පාරටත් එයා මාව අල්ලගෙන... මට සතුටුයි....... මගේ මැණිකට බෑ මාව නැතිකරගන්න... එයා වේගයෙන් මාව ඇදලා උඩට ගත්තා. මම කවදාවත් නැතුව එයාගේ කරේ එල්ලිලා උඩට යද්දී මට මොහොතකට ලොකු ආරක්ෂාවක් එයාගේ උරහිසෙන් දැනුනා....

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Waar verhalen tot leven komen. Ontdek het nu