52 - මගේ හබී

2K 264 64
                                    

මගේ තනිතරුව

" බ....බ...බබා ඔයා මොනවද මෙහෙ කරන්නේ මගේ දෙයියනේ ? ඔයා කොහොමද මෙච්චර ඉක්මනින් ආවේ..? ඇයි මේ ඇදුම් පිටින්..? මොකක්ද උනේ.... කෝ කතා කරන්නකෝ බබා.... ඉසුරු...?? කතා කරපංකෝ බන්..?"

" ආවේද..?"

ඉසුරු තරහෙන් පුපුරමින් වටපිට බලද්දී වටේ ඇස් එලියේ දාගෙන හිටපු සේරමලා වාශ්ප වෙලා ගියා...

" ස...සර්...."

මහීෂ ඉස්සරහා දෙකට නැමුණේ පපාගේ ඩ්‍රයිවර්. මහීෂ එකසිය ගානට පොරට රැව්වේ විනාඩි විස්සක් යන ගමන විනාඩි 10ක් ඇතුලට අනාරක්ෂිතව ඉසුරුව මෙහෙට ගෙනාපු එකයි...

" තමුසේ කොහොමද ?"

මහීෂ පැනලා ඩ්‍රයිවර්ගේ කොලර් එකෙන් ඇදලා ගත්තා.. ඩ්‍රයිවර් බයවෙලා ගැහෙන්න පටන් ගත්තම ඉසුරු ඉක්මනින් අතර මැදට ආවා...

" මමයි ඩ්‍රයිව් කරේ..."

ඉසුරු මහීෂගේ අත් දෙකෙන් අල්ල ගත්තම මහීෂ ඩ්‍රයිවර්ගේ කොලර් එක අතෑරියා...

" තමුසෙට පිස්සු හැදිලද යකෝ......මෙච්චර වේගෙන් අනික තමුසේ ඔහොම තත්වෙක ඉදලා ඩ්‍රයිව් කරාද..? මොන මගුලටද එහෙම කලේ ..??"

මහීෂ ඔෆිස් එක මැද්දේ කෑගහද්දී හැමෝම එයාලගේ වැඩවල වටේ මුකුත් නොවෙනවා වගේ යෙදිලා හිටියා...
ඒත් එක්කම මහීෂ දැක්කේ ඇස්වල කඳුළු පුරවන් ඉන්න ඉසුරුවයි... මහීෂගේ පපුව වගේම කකුලුත් තාමත් බයට ගැහෙද්දී මහීෂ ඉක්මනින් ඉසුරුව පපුවට තුරුළු කරගත්තා...

" ඇයි බන් මෙහෙම මගේ ඇගේ ලේ හින්දවන්නේ..  උඹට දැනෙනවද මේ පපුව ගැහෙන තරම්... උඹට මොනවාහරි උනානම් මට ඉදලා වැඩක් තියනවද බන්.. මම මේ තරම් දේවල් කලේ මේකට ද..?"

මහීෂ ඉසුරුගේ අත අරන් එයාගේ පපුවට තියාගත්තම ඉසුරුට දැනුනේ මහීෂගේ පපුව පිස්සුවෙන් ගැහෙනවා..
මහීෂ ලොකු හුස්මක් අරන් ඉසුරුගේ ඉනෙන් අල්ල ගත්තා..

" යන් කැබින් එකට.."

" ඔයා ගෙදර යන්න දැන් ඉසුරු මහත්තයා මං එක්ක ඉදී... "

මහීෂ බොඩිගාඩ් කෙනෙක්ට අතින් සන් කරලා කතා කලා...

" සර්...??"

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Donde viven las historias. Descúbrelo ahora