28 - අවාසනාවන්ත කාලය

2.1K 314 85
                                    


මගේ තනිතරුව




" මහීෂ කැමතිනම් ඇවිත් අපි එක්ක ඉන්න පුළුවන් හැබැයි උඹේ යාළුවා විදියට. වෙන අයිතියක් ඌට දෙන්න බෑ...උඹ මගේ... එච්චරයි. උඹ හිතුවද මම ඌ එක්ක උඹව බෙදාගනී කියලා..."


මගේ ජීවිතේ ගැන ඒ තරම් ලොකු තීරණයක් ගන්න තරම් මගේ බබා දරුණු මිනිහෙක් කියලා මට හිතාගන්නවත් බෑ...දෙයියනේ මම සලකපු ආදරේ කරපු ගුණයවත් තියන්නේ නැති තරුෂ ගැන මට ඇති වුනේ කලකිරීමක්... නෑ..........නෑ.....මේ වගීෂ....තරුෂ කියන්නේ මායාවක්  මුලාවක් විතරයි....

මගෙ අහිංසක තරුෂ මැරුණා...මම වගීෂගේ ඇදුමේ කරෙන් අල්ල ගත්තා... මගේ ඔලුව යකාගේ කම්මල වගේ වෙද්දී මම මගේ නියපොතුවලින් ඒ පපුව හූරලා දැම්මා....

" ආහ්.........."

වේදනාවට එයා කෑගහලා ඒ අත දිගෑරලා එකපාරටම  මගේ කනට සැර පාරක් ගහද්දී ලෙඩ ගානේ හිටපු මම ආපහු කොට්ටෙට විසිවෙලා ගියා...මේ ඉන්නෙ කොහොමත් මගේ තරූ නෙවෙයි..එයාට බෑ මාත් එක්ක ඔට්ටු වෙන්න මේ විදියට...

" උඹ ........උඹ මගේ තරූ බබා නෙවෙයි.... උඹ වගීෂම තමයි.. උඹ කොහොමද මගේ ජීවිතේ ගැන මේ තරම් ආත්මාර්ථකාමී විදියට තීරණ ගන්නේ... උඹ කොහොමද මට අත උස්සන්නේ...!!!

කොහොමද උඹට මම ආදරේ කරපු සලකපු විදියට මට මෙහෙම කරන්නේ ... "

අසරණකමේ කඳුළු මගේ ඇස්වලින් ගලාගෙන යද්දී තරුෂ ලාච්චුවකින්පොඩි කිනිස්සක් අතට ගත්තා...

" කට වහපං සුදූ... මගේ ආදරේ නිසා උඹ මාව නටවන්න හදන්න එපා...!"

මම හැරෙන පාරට වගීෂගේ කම්මුලකට මුළු වෙරම දාලා කම්මුල් පාරක් ගැහුවා...

" හහහ්...ශිට් මම හිතුවට වඩා මේක ටිකක් අමාරු වෙනවනේ සුදූ.... මම මේක හොඳින් විසඳගන්න හැදුවේ....චඃ....චඃ....චඃ.... කරන්නම බෑ වගේ.... "

" උඹගේ පවුල පිටින් මම මරලා දාන්න කලින් මට කීකරු වෙයන්... ඊට වඩා උඹේ මහීෂව මම ඉස්සෙල්ලම ඉවරයක් කරලා දානවා...ඒ නිසා කටයි පුකයි පියන් පාඩුවේ මට ඕනි විදියට කරපං...."

එක තප්පරයකට මට හිතුනා මේ මගේ තරුෂ නෙවෙයි කියලා... මගේ තරුෂගේ ඇස් ගැඹුරුයි...පිවිතුරුයි.... ඒත් මිනිස්සුන්ට පුළුවන් ඇස්වලින් පවා රඟපාන්න... මම නිකන් මෝඩයෙක් උනා විතරයි... මම මගේ වේදනාව කෑගහලා අඬලා පිටකරන්න පටන් ගත්තා.....

🎊️ මගේ තනි තරුව ( Sinhala.BL-✔️🔚) Donde viven las historias. Descúbrelo ahora