Episode 58

24 3 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 58⚘

👄 Soe hee ගේ කම්මුල් දිගේ කඳුලු කැට ඔහේ ගලා ගිය අතර එක්වරම හඹා ආ සුළඟින් ඇගේ කොණ්ඩය පවා........

𖠇  එතැන් සිට 𖠇

∘₊✧──────✧₊∘♦∘₊✧──────✧₊∘

👄 එක්වරම ශබ්ද නගා පැමිණි බයික් එකක , එන්ජිම නවත්වන ශබ්දය Soe hee ගේ අවදානය ඒ වෙත ඇද ගන්නට විය. සිය හදවත ශක්තිමත් කර ගනිමින් කෙමෙන් කෙමෙන් Soe hee ඇගේ පිටුපස හැරී බැලුවේ එම ශබ්දය පැමිණි බයික් එකේ හිමිකරු කවුරුන් දැයි කියා ඇය හොඳාකාරවම දන්නා නිසායි .

Soe hee's pov💭

🌹 ඩැනී .... !!! එයා ඇවිල්ලා.....

Soe hee's pov💭 end

👄 ඩැනීගේ බයික් එකේ පිටිපස ඉඳගන සිටි ශින් ඉක්මනින් බයික් එකෙන් බැස කෑගසමින් ඔහුටම ප්‍රශංසා කරගන්න ගමන් Soe hee සිටි දෙසට ඇවිද එන්නට විය .

❤️ ශින් මෙතන ඉන්නකන්.... කවුරුත් කිසිම දේකට බය වෙන්න ඕන නෑ . මෙන්න guys ... මං ඔයාලට අඳුන්වලා දෙන්නම් අපේ නිර්භීත ගැලවුම් කාරයා Daniel Wilson ව....  ඔයාල මොකද මේ එලියේ හිටගන ඉන්නේ ? මං ඔයාලට සතුටත් අරගන ආපහු ආවා. Come on , cheer for me.  ඒක නෙමෙයි .... මං කීවානේ මං කොහොම හරි අනිවාරෙන්ම ඩැනීව එක්කන් එනවා ඒ නිසා ඔයාලට යන්න කියලා. ඉතිං ඇයි ඔයාලා ගියේ නැත්තේ ?

👄 සිය බයික් එක පාර්ක් කර අවසානයේ ඩැනී Soe hee දෙසට පැමිණ ශින්ගේ පිටුපසින් සිටගන්නට විය. Soe hee ඩැනීගේ දෑස් දෙස බලා සිටියේ මේ වෙලාවේ ඔහුගේ හදවතේ ඇති හැඟීම කුමක්ද කියා තේරිම් ගැනීමට මෙනි. නමුත් ඇය එය වටහා ගැනීමට අපොහොසත් විය. ඔහුගේ දෑස් සහ ඔහුගේ මුහුණද තුල අඳුරු හිස් බවක් දිස් විය.

🌹 ඔයා ඇත්තටම ආවා.....

🤍 ඔව්.... ඒත් ශින් වෙනුවෙන් විතරයි . තවමත් මාව විශ්වාස කරන එකම කෙනා ශින් විතරයි . ඉතිං මං කොහොමද එයාට උදව් නොකර ඉන්නේ ? මං හැමවෙලාවෙම මගේ යාලුවන්ගේ ඉල්ලීම් වලට ගරු කරනවා වගේම එයාලට උදව් කරන්නත් ලැහැස්තියි . Even if it means helping Somebody like you .

👄 ඩැනී සිය මුහුණ විකෘති කර Soe hee දෙස බැලුවේ ඔහුගේ හිතේ ඇය ගැන ඇති පිළිකුල පැහැදිලි කර පෙන්වමිනි. ඩැනීගේ දෑස් තුල Soe hee කෙරෙහි වූ වෛරය දැක ඇගේ හදවතට පහරක් වැදුනාක් මෙන් වේදනාවක ඇයට දැනෙන්නට විය.

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Where stories live. Discover now