Episode 18

44 3 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 18⚘

👄 ප්‍රදාන ගේට්ටුව ලඟ සිටි Security guard ලා දෙදෙනෙක් Soe hee ව නැවැත්වීමට උත්සාහ කරත්..........

𖠇 එතැන් සිට 𖠇

★∻∹⋰⋰ ☆∻∹⋰⋰ ★∻∹⋰⋰ ☆∻∹⋰⋰★∻∹⋰⋰ ☆∻∹⋰⋰

💫 Lake Park 💫

👄 මේසෙ දිව ගිය  Soe hee  අවසානයේ ඇගේ දෙපා වාරු නැතී වී ගොස් තෙත තණකොළ සහිත බිමක  පතිත වන්නට විය .

***** Soe hee's pov ( 💭 ) *****

🌹 Soe hee :- මං .......මං මේ ........ කොහෙද ඉන්නේ ......?

***** Soe hee's pov (💭) end *****

👄 තරමක් සුන්දර ස්තානයක් වන මෙම ප්‍රදේශයේ සුන්දරත්වය හරි හැටි soe hee ට දැක බලා ගත හැකි නොවූයේ , එහි වූ ලා අඳුර Soe hee ගේ දර්ශනය තරමක් අවහිර කල නිසායි . ඇය සිටින්නේ කොහේ දැයි වටහා ගැනීමට ඇයට යම් වේලාවක් ගත විය. ඇය නොදැනුවත්වම පැමිණ සිටියේ වැව අසල වූ උද්‍යානයටයි.

🌹 Soe hee :- මේ හරියේ කිසිම කෙනෙක් පේන්න නෑනේ. මෙතන ඉන්න Security එක්කෙනාගෙ පුටුවත් හිස්නේ.

👄 මේ රාත්‍රී කාලයයි. රාත්‍රී කාලය තුල මතු වන අඳුර මිශ්‍ර වූ සීතල සුලඟ Soe hee ගේ මෘදු මොලොක් මුහුන සිපගන්නට විය. ඇයද එහි තිබූ සුන්දරත්වය විඳින්නට විය. නමුත් ඇගේ සිත තුල තෙරපෙමින් තිබූ දුක, පාලුව , තරහව ...... මේ සියල්ලම තවමත් නික්ම ගොස් නැත. ඇය ඇගේ සිත යම් තරමකට හෝ සන්සුන් කර ගැනීමට මත්තෙන් ඇගේ දෙනෙත් හඳ එලිය වැටී දිය රැලි නැගෙමින් තිබූ ඒ සුන්දර වැව වෙතට යොමු කරන්නට විය. වැව මතට පතිත වී තිබුන හඳ එලිය දිස් වූයේ ඉතා විශාල රත්තරන් තැටියක් වැවේ පාවෙනවාක් මෙනි. වැව මතට වැටී ඇති සඳ එලිය දෙස බලාගනම ,  Soe hee ඇය වැතිරී සිටි තෙත තණකොළ සහිත භූමියෙන් නැගිට වැව අද්දරට පිය නගන්නට විය .

??? ඒයි........ එපා............ 😱

👄 එක්වරම ඇසුනු නාඳුනන , ගාම්භීර සහ කලබලකාරී හඬ නිසා Soe hee බියට පත් වී ඇගේ ඇඟද Alarm එකක් සේ දෙදරා යන්නට විය. Soe hee ඇය සිටි ස්තානයේ  වූ මඩ සහිත පොලොවේ එහා මෙහා වැනෙන්නට වූයේ බියට පත් වූ නිසා ඇගේ දෙපා සහ ගතද වාරු නැති වී ගිය නිසාවෙනි. ඇය මෙතනට පැමිනෙන විට මෙහි කිසිඳු පුද්ගලයෙක් නොසිටි නිසාත් , එක්වරම කොහෙන් දෝ පැමිණ පුද්ගලයෙක් කෑ ගැසූ නිසාත්, මුලු පරිසරය පුරාම අඳුර පැතිරී තිබුන නිසාත්  ඇය බොහෝ සේ බියට පත් විය. ඒ ඇසුනු හඬ  සමඟ , පෙර දිනයන් වල දී ඇගේ නැන්දා සහ  අංකල්  ඇයට බැන වැදුනු ආකාරයත් ,  San wu ඇයව රැවටූ ආකාරයත් , Taehyung ගේ කෲර වදනුත් ඇගේ මනස තුල දෝංකාර දෙන්නට පටන් ගත්තා . ඒ වන විටත් ඇය බොහෝ කම්පනයටත් , වෙහෙසටත් පත්ව සිටියා . ඇයට බැනවැදුන සියලුම දෙනාගෙ හඬවල් ඇගේ හිස තුල කැරකෙන්නට විය. මීදුම  පිරී , සියල්ලම අඳුරු වෙනවාක් මෙන් ඇයට දැනෙන්නට වූ අතර , යම් කිසි පුද්ගලයෙක් Soe hee වෙත පැමින ඇගේ දෑතින් අල්ලා ගන, ඇයව එම පුද්ගලයා දෙසට ඇද ගන්නට විය . ඔහු ඇයව ඉතා වේගයෙන් ඔහු දෙසට ඇදි නිසාවෙන් Soe hee ගේ මෘදු මොලොක් මුහුන එම හැඩි දැඩි පුද්ගලයාගේ පපුව මත තෙරපෙන්නට විය..... සීතල සමඟ මුසු වූ ගන අඳුරත් සමඟින් ඔහු ලඟින් හමා ආ ඒ මත් කරවන සුලු සුවඳට Soe hee මද වේලාවක් වශී වන්නට විය.

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Donde viven las historias. Descúbrelo ahora