ප්‍රථම ප්‍රේමය ඔහු විය
1 කොටස.
මුලින්ම චරිත් දෙක හදුන්වලා දෙන්නම් මුලින්ම ශාන් නිමන්ත.ටිකක් සුදු කොල්ලෙක් මහ ලොකු උසක් නැති උනත් කොට කොල්ලෙකුත් නෙවෙයි.ඒ වගේම හැම දේම ගානට මිම්මට පිලිවලට කරන කෙනෙක් .තැන තැන චාටර් වෙලා චරිතේ කා ගන්න ජාතියේ කොල්ලෙක් නෙවෙයි.හැබැයි ඒ ඌ හොඳ එකෙක් නිසා නෙවෙයි ඒ හැම දේම අම්මගේ පිහිට නිසා තමා. මොකද අම්මට ඉන්නෙම කොල්ලො තුනක් යස්සනී වගේ නැත්තං මුං එකෙක්වත් හදා ගන්න වෙන්නේ නෑ.
ඊලගට ඉන්නේ රසිදු නිම්සර.කොටින්ම කියනවා නම් මේ පොර ශාන්ගේ සම්පූර්න අනිත් පැත්ත.බේබද්දෙක් මෙලෝ පිලිවෙලක් නෑ.ඒවගේම චරිතේ ගැන කියනවා නම්.ආ..හ් නෑ ඒක ගැන කියන්න දෙයක් නෑ ඌට චරිතයක් නෑ.මහම මහා නසරානියෙක් .හැබැයි ඒ වගේම පිස්සු විකාරයක්.හැබැයි කොච්චර නසරානියා උනත් පොරගේ හිත හරි හොදයි.ඒ වගේම රසිදු ශාන් වඩා අවුරුද්දක් බාලයි.ඒ වගේම ශාන්ට වඩා උසයි.
ඒ වගේම ශාන් රසිඳු දෙන්නම අසල්වාසියෝ වගේම කරන නසරානි වැඩ වලට ශාන්ගේ අම්මගෙන් රසිඳු ගුටි කන අවස්තාත් නැතුවම නෙවෙයි.ඒ වගේම මේ පවුල් දෙකම දුරින් නෑදෑ වෙනවා.
හරි අපි දැන් වැඩි කතා අතෑරලා කතාවට බහිමු.
..............................................................................."රස්සා... ඕයි රස්සා... නැවතියං බේසිකයෝ.තොට අදත් යන්නම ඕනද ඕක අස්සේ ආ...හ්"
රසිදු ශාන්ව මගෑරලා දිගටම ඇවිදගෙන යන්න ගත්තා.
"රස්සා නැවතියං බල්ලෝ.තෝ ඊයෙත් බීලා අම්මගෙන් බැනුම් ඇහුවා නේද? එක දවසක් බිවුවේ නැ කියලා තෝ මැරෙනවද කියහංකෝ"
"අයියෝ බං ශානයා කෑ ගහන්න එපා බං.උබ අම්මා වගේ වෙලාවකට.අද යන්න ඕන බං සහන් අයියා ඇවිල්ලනේ පොර එක්ක අඩියක් ගැහුවේ නෑ බං ගොඩ කාලෙකිං"..
"හැබැයි මට අද එන්න වෙන්නේ නෑ.ඒකයි උබට යන්න එපා කියන්නේ.තෝව උස්සන්න ඉන්නේ මම විතරනේ කේප්ප වස්සෝ."
"පිස්සු කොල්ලා බොරුමයි කියන්නේ.මම කවද්ද අනේ බීලා වැටුනේ හුම්ම්ම්."
රසිදු ගෑනු ලමයා වගේ ශාන්ගේ අතේ එල්ලෙන ගමං කිවුවා.
(අම්මපා ඔය රසිදු බටර් ගාන්න ඕන උනාම ශාන්ට පිස්සු කොල්ලහ් කියලා ඇබරි ඇබරි කියනවා )
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...