ප්‍රථම ප්‍රේමය ඔහු විය
20 කොටස..
දෙන්නා වැඩට යන්න කියලා ආවත් ශාන් ඉන්නේ ලොකු වෙනම කල්පනාවක කියන නේහට හොඳට තේරුනා.මූනත් මැලවෙලා ගිහිල්ලා වගේ.
නේහා එයාගේ අත් ශාන්ගේ නළලෙන් තිබ්බේ අසනීපයක් වත්ද කියලා බලන්න.
"ඔයා හොඳින්ද ශාන්"
නේහා කම්බුලට , බෙල්ලට අත තියන ගමං ශාන්ගෙන් ඇහුවා.
"ම්ම් ඔව් අවුලක් නෑ මම හොඳින්."
ශාන් ටික වෙලාවක් නේහගේ ඇස් දිහා බලාගෙන හිටියේ ඒ ඇස් වල එයා ගැන වද වෙනවා කියන එක හොඳට ලියවෙලා තිබ්බ නිසා.
ශාන් නේහව අතෙන් අල්ලගෙන පාක් එකට එක්කගෙන ගියේ මේ උදේම කවුරුත් එතන නෑ කියලා දන්න නිසා.
නේහගේ සිනිදු කම්බුල් හිමීට පිරිමැදපු ශාන් මල් පෙත්තක් වගේ පරිස්සමට නේහගේ තොල් වලට බර උනා.
නේහගේ හිත සතුටින් පිස්සු නටන්න ගත්තේ ශාන් මෙහෙම දේවල් කරන කෙනෙක් නොවෙන නිසා.
(ඔව් බං ඒකා ගේ ඌ කොහොම ඕවා කරන්නද? )විනාඩියක් විතර නේහගේ තොල් මෘදු විදිහට සිපගත්ත ශාන් නේහගෙන් ඈත් උනා.ඒ මූන රතු වෙලා වගේම ඇස් දිලිසෙන විදිහ දැක්කම ශාන්ට මහා වරදකාරී හැඟීමක් ආවේ යාලු වෙලා මෙච්චර කාලයක් ගිහිල්ලත් එයා නේහට මේ වගේ ආදරේ දැනෙන්න දීලා නෑ නේද කියලා මතක් උන නිසා.
තප්පර දහයක් විතර ශාන් දිහා බලාගෙන හිටපු නේහා එයාගේ මූන ශාන්ගේ පපුවේ හංගගත්තේ පොඩි ලැජ්ජාවකුත් දැනුන නිසා.
ශාන් නේහව බදාගත්තේ ඇස් දෙකේ කඳුලු පුරවගන්න ගමං. එයා ගැන රසිඳු ගැන නේහා ගැන ශාන්ට ලොකු දුකක් දැනුනා. .
"මම තමා ප්‍රශ්නේ . මම මගේ සතුට වෙනුවෙන් තව දෙන්නෙක්ට මෙහෙම දුක දෙන් එක වැරදී"
ශාන් එයාටම හිතා ගත්තා.
"එන්න අපි යමු දැං පරක්කු වෙනවා"
නේහා ශාන්ගේ අතින් අල්ල ගන්න ගමං කිවුවා.
"හ්ම්ම් යමු එන්න 😊"
...........................................................................................
දෙන්නා වැඩ කරන තැනට ගිය ගමන්ම එතන වැඩ කරන රොශෙල් ශානුයි නේහයි දිහාවට මනමාල බැල්මක් දාගෙන ආවේ දෙන්නගේ මූනේ තිබ්බ එලිය තේරිලා වගේ.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...