"ගොඩ කාලෙකින්"
රසිඳුගේ ඉස්සරහ නතර උන ශාන් එයාගේ ඇස් දිහා බලාගෙනම කිවුවා.
ශාන් ඉස්සරට වඩා හැඩි දැඩි වෙලා.ඒ වගේම තවත් කඩවසම් වෙලා.ඉස්සර සුදුවට තිබ්බ හම දැං ලාවට තලෙලු පාට වෙලා.
"හ්ම්ම් ඔව් ගොඩ කාලෙකින් . කොහොමද ඉතිං"
රසිඳු හිනා වෙලා කතා කරේ හිත අස්සේ තියෙන්නේ සතුටක්ද දුකක්ද කියලා හිතා ගන්න බැරුව.
"දෙයියනේ රසිඳු.මල්ලි ඔයත් මෙහෙටද ආවේ"
කොහෙදෝ ඉඳන් ආපු නේහා රසිඳුගේ අතෙන් අල්ල ගත්තා.
"හුඟ කාලෙකින් ඔයාව දැක්කේ.මම ඊයේ නෙත්මිටත් කිය කිය හිටියේ ඔයා ගැන.අනේ අපි ටික ආපහු කොහෙ හරි යමු.ශාන් යමුද? ඒ දවස් වල ගියාට පස්සේ ආපහු කොහෙවත් ගියේ නෑ"
රසිඳුගේ අත අතෑරපු නේහා ශාන්ගේ පැත්තට හැරිලා ඇහුවා.
රසිඳුට බෑ කියලා කියන්නම හිතුනා.ඒත් නෙත්මිව දකින්න හිත ඇතුලේ ලොකු ආසාවක් තිබ්බ නිසාම එයා එකඟ උනා.
කට්ටියම ලඟ තියන නෝමල් හොටෙල් එකකට ගිහිං වාඩි වෙලා හිටියේ නෙත්මි එනකල්.
ටික වෙලාවකින් නෙත්මි එතනට ආවා.ඒත් නෙත්මිව අඳුර ගන්න රසිඳුට වෙනම වෙලාවක් ගියා.නෙත්මි ඒ තරම් වෙනස් වෙලා.කොන්ඩෙ බෙල්ල ගාවට වෙන්න කොටට කපලා. Over size T shirt එකත් එක්ක.නිකං පොඩි රස්තියාදුකාර පෙනුමකුත් ඇවිත් තිබ්බා.
"වාහ් නෙත්මි සිරාවටම "
රසිඳු ලාවට හිනා වෙන ගමං එයාගේ පුටුවෙන් නැගිට්ටේ නෙත්මි දැක්ක ගමන්මයි.
විනාඩියක් විතර රසිඳුගේ මූන දිහා බලාගෙන හිටපු නෙත්මි දුවගෙන ඇවිත් රසිඳුව බදාගත්තේ නේහවයි ශාන්වයි දෙන්නවත් පුදුම කරන ගමං.
තප්පරයක් වත් නොහිතා රසිඳු එයාගේ අත් දෙකෙන් නෙත්මිව තද කරලා බදාගත්තා.
"මෝඩයා මං හිතුවා තමුසේ මැරිලා කියලා"
නෙත්මි ඇහෙන නෑහෙන ගානට කිවුවා.
"මං එහෙම ඉක්මනට මැරෙනවද? ආ..හ්"
රසිඳු හිනා වෙන ගමං නෙත්මිගේ ඔලුව අත ගෑවා.
KAMU SEDANG MEMBACA
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romansaපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...