16 කොටස

1.2K 159 16
                                    

ප්‍රථම ප්‍රේමය ඔහු විය

16 කොටස..

රසිඳු ශාන්ගේ ඇස් දෙක දිහා බලාගෙනම හිමීට එයාගේ තොල් වලට බර උනේ ශාන් මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා හිතාගන්න බැරුව.

ඒත් පුදුමෙකට වගේ රසිඳුගේ තොල් ශාන්ගේ තොල් වල ගෑවුන ගමන්ම ඒ දේ ශානුත් බලාපොරොත්තුවෙන් හිටියා වගේ රසිඳුව සිපගන්න පටන් ගත්තා.

රසිඳුගේ එක අතක් ශාන්ගේ ටී ශර්ට් එක ඇතුලෙන් ශාන්ගේ දැඩි පිරිමි සිරුව වටේ එතුනේ ශාන්ව එයා ගාවට තවත් ලං කරගන්න උත්සහයක් දරණ ගමං.

ශාන්ගේ අත් දෙක රසිඳුගේ බෙල්ල වටේ එතුනේ තවත් රසිඳුව එයාගේ පැත්තට ඇදගන්න උත්සහ කරනවා වගේ.

මිනිත්තු දෙක තුනකට පස්සේ දෙන්නා ඈත් උනේ තමංගේ ඉස්සරහ හිටගෙන ඉන්න කෙනාගෙ මූන දිහා කොහොමද බලන්නේ කියලා හිතාගන්න බැරුව.

"ශාන් නේහත් එක්ක බ්‍රේකප් වෙන්න."

ශාන් එක පාරම රසිඳු දිහා පුදුම වෙලා බැලුවා.

"ඊට පස්සේ.. ඊට පස්සේ මොකද කරන්නේ?"

"මාත් එක්ක ඉන්න.ආපහු නේහා ගාවට යන්න එපා"

රසිඳු එයාගේ නලල ශාන්ගේ උරහිසෙන් තියන ගමං කිවුවා.

ශාන්ට දැනුනේ මහා අමුතු විදිහක වේදනාවක්.රසිඳුගේ අත් දෙක මැද්දේ එයාව දියවෙලා යනවා වගේ හැඟීමක් ශාන්ට දැනුනා.නොදැනුවත්වම රසිඳුගේ අත් දෙකට ශාන් හොඳටම තුරුල් වෙලා හිටියා.

ඒත් එක්කම ශාන්ට කෝල් එකක් ආව නිසා දෙන්නගෙම අවධානේ ඒ පැත්තට ගියේ දෙන්නව දෙන්නගෙන් ඈත් කරන ගමං.

"හලෝ නේහා කියන්න"

ශාන් එහෙම කියාගෙන කාඹරෙන් එලියට ගියා රසිඳුව එතන තනි කරලා දාන ගමං.

රසිඳු එහෙම්ම එයාගේ ඇඳ උඩිං වාඩි උනේ විනාඩි ගානකට එයාගෙ හිත ඇතුලේ කඳු ගනං උඩට පිරුණ බලාපොරොත්තු ඔක්කොම එකින් එක ආපහු බිඳලා දාන ගමං.

"ආ...හ් තමුසෙ මොනාද හිතුවේ මෝඩයෙක් වගේ හහ්"

රසිඳු එයාටම නෝන්ඩියට වගේ හිනා වෙන ගමං කියාගත්තා.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlDonde viven las historias. Descúbrelo ahora