රසිඳු ඇඳං ඉන්න ඇඳුම ගැනවත් නොහිතා හොස්පිටල් එකට දිවුවේ ආරන්චි උන ගමන්මයි.
රසිඳු යනකොටම දැක්කේ operation theotor එක ඉස්සරහට වෙලා වාඩිවෙලා ඉන්න ශාන්ව.එයාගේ කමිසේ ලේ වලිං නෑවිලා තිබුනා.
ශාන්ගෙන් ටිකක් එහාට වෙන්න නේහගේ අම්මයි තාත්තයි දෙන්නත් වාඩි වෙලා හිටියා.ශාන්ගේ අම්මා හොඳටම අඬනවා.තාත්තගේ මූනෙත් ඇඬුවා කියන්න සලකුණු ඕන තරම් තිබ්බා.
රසිඳුව දැක්ක ගමං ශාන් හිමීට හිමීට එයාගේ පැත්තට ඇවිදගෙන ආවා.ශාන්ගේ තොල පැලිලා කම්බුල ඉදමිලා තිබ්බ විදිහෙන්ම රසිඳු දැන ගත්තා අනිවාරෙන්ම ශාන්ගේ තාත්තගෙන් රසිඳු කම්බුක් පාරවල් දෙක තුනක්ම කන්න ඇති කියලා.
රසිඳුට ලං වෙන්න අඩියක් දෙකක් තියලම ශාන් රසිඳුගේ ඇඟට කඩාගෙන වැටුනේ මෙච්චර වෙලාවක් කොන්ද කෙලින් තියාගෙන ඉන්න තිබ්බ හයිය නැති වෙලා ගියා වගේ.රසිඳු ශාන්ව අල්ලගෙන එයාව පපුවට තුරුල් කරගත්තා.
"මාව අරගෙන යන්න මෙතනින්.ටිකකට අරගෙන යන්න මාව"
ශාන් කෙඳිරියක් වගේ කියලා දැම්මේ රසිඳුට ඇහෙන නෑහෙන ගානට.
ශාන්ගේ ඉන වටෙන් අත දාලා එයාව ඇඟට හේත්තු කරගත්ත රසිඳු එතනින් යන්න ගියා.
රසිඳු ශාන්ගෙන් මොකුත්ම ඇහුවේ නෑ.එතනින්ම ත්‍රීවීල් එකක් ගත්ත රසිඳු ශාන්ව ගෙදරට අරගෙන ගියේ නෑ.මොකටත් දැං ගෙදර යන එක ඇඟට ගුණ නෑ කියලා රසිඳු දැනගෙන හිටියා.
................................................................................................................
ශාන් ඇහැරෙද්දි එයා හිටියේ නුපුරුදු තැනක.එයාගේ ඇඳුම් ශෝටකටයි t shirt එකකටයි මාරු වෙලා තිබ්බා.තව ටිකක් ඉන්නකොට රසිඳු බාත් රූම් එකෙන් එලියට ආවේ එයාගේ තෙත කොණ්ඩේ ටවල් එකකින් පිහන ගමං.
"ආහ් ඇහැරුනාද? අවුලක් නෑනේ මොකුත්"
ශාන් උත්තර නොදී එයාගේ ෆෝන් එක අරගෙන වෙලාව බැලුවා.හවස 6ත් පහුවෙලා තිබ්බ නිසා ශාන් ටිකක්කලබල උනා.
"බය වෙන්න එපා නේහා හොඳින්.ඒත් තාම සිහිය නෑ ICU එකේ.එයාව කාටවත් බලන්න දෙන්නේ නෑ"
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...