ශාන් නේහගේ අතින් අල්ලගෙන බස් හෝල්ට් එකේ හිටගත්තේ බස් එකක් එනකල් නේහා එක්ක ඉන්න ඕන කියලා තීරණය කරපු නිසා.
"දැං යන්න ශාන් කමක් නෑ.මට මෙතනින් එහාට යන්න පුලුවං"
"කමක් නෑ මම ඉන්නම් ඉතිං"
"හා ඉතිං ඕන නම් ඉන්න.ඒත් දැං කලුවරට බයයි කියලා මම දන්න නිසා ඉන්න දෙන්න බෑ"
නේහා හිනාවෙන ගමං කිවුවා.
"හෑ කවුද දැං ඔය පට්ට පල් බොරු කතාව ඔයාට කිවුවේ"
"මතක නැද්ද ඔයාම තමා කිවුවේ එක දවසක් කරන්ට් එක ගිය වෙලාවට රසිඳුවත් එක්කගෙන තමා ටොයිලට් එකට යන්නෙ කියලා.ඒකෙන් මට තේරුනේ බයයි කියන එක තමා"
නේහා තව ටිකක් හිනා වෙන ගමං කිවුවේ පාරේ තියන ලයිට් වලිං ටිකක් එලිය වෙලා තියන ශාන්ගේ මූනේ තියන ලැජ්ජාව දිහා බලාගෙනමයි.
"ලැජ්ජා වෙන්න එපා මමනේ ඉතිං ඉන්නේ. ඕක හංගන්න ඕන නෑනේ.මාත් බයයි තමා"
"හුම්ම්ම්"
ශාන් ලාවට හිනා වෙන ගමං කිවුවා.
අන්තිමට නේහව බස් එකකට නග්ගවපු ශාන් වටපිට බල බල හිමීට ගමට යන පාරට ආවේ හීන් දාඩියයි මහදාඩියයි දෙකම නලල දෙපැත්තෙන් ගලන එක කොහොම නවත්තගන්නද කියලා හිතා ගන්න බැරුව.
ඒත් ශාන්ගේ බය නැති වෙලා ගියේ එයා එනකල් පාරේ ගහක් යට හිටගෙන් ඉන්න රසිඳු දැකලා.
"ඒයි මොකද මෙතන කරන්නේ?"
ශාන් රසිඳුගෙන් ඇහුවා."ආහ් නෑ මේ අර නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන බයෙන් බයෙන් එන බල්ලෙක් දිහා බලං ඉන්නවා.වෙන විශේශ දෙයක් නෑ"
රසිඳු අමාරුවෙන් හිනාව හිරකරගෙන් කිවුවේ ශාන්ට තරහ යනවා කියලා දන්න නිසා.
"වා....හ් මටද බල්ල කිවුවේ ආහ් යකෝ"
"තොප්පිය ඔච්චර ලස්සට ගැලපෙනව නම් දාගන්න ඉතිං"
"යැයි යැයි තමා.මම නම් බය නෑ දැං මේ 20ත් පැන්නා.මම නම් බය වෙයි ඕවට"
ශාන් ගස්සගෙන පද්දගෙන ගියේ නෝන්ඩි වෙන්න බැරි නිසා.රසිඳුගේ නසරානි හිනාව ශාන්ට පිටිපස්සෙන් ඇහුනා.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...