ශාන් කොහොම මෙච්චර ඉක්මනට රසිඳු ඉන්න හොටෙල් එකට ආවද කියලා එයාටවත් මතක නෑ.ශාන් කාඹරේ දොරට තට්ටු කරේ රසිඳුව දකිනකල් ඉවසිල්ලක් නැති නිසා.
රසිඳු වෙනදා වගේම හිනාවක් එක්ක දොර ඇරියා.ශාන් දොර වහගන්න ගමං කාඹරේ ඇතුලට ගිහින් රසිඳුව තද කරලා බදාගත්තේ එයාට වෙන කරන්න දෙයක් නොතේරුන නිසා.
"ශාන් ඇයි මේ?? මොකක් හරි අවුලක්ද? ඔයා හොඳින්ද?"
රසිඳු පුදුම උන නිසා ඇහුවේ එයත් ආපස්සට ශාන්ව බදා ගන්න ගමං.
"රසිඳු මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි.ඇත්තමයි ඔයාගේ වැරැද්දක් කියලා හිතන්න එපා.මේ හැම දේම් මගේ තීරණ"
ශාන් රසිඳුව් අතාරින්නේ නැතුවම කිවුවා.
රසිඳු අත් ශාන්ගේ ඉන වටේ තවත් තද උනේ ඒ එයාට අහන්න ඕන උන වචන ටික කියලා ශාන්ට අඟවන ගමං.
රසිඳුගෙන් ටිකකට ඈත් උන ශාන් කිසිම පැකිලීමක් නැතුව රසිඳුගේ තොල් වලට බර උනේ හිමීට රසිඳුව සිප ගන්න ගමන්මයි.රසිඳු ශාන්ව එයාට ලං කරගන්න ගමං මෘදු විදිහට එයාව සිපගත්තේ ඒ වෙලාවේ හිතේ තිබ්බ දුක අමතක කරන ගමං.දෙන්නගේ ඇඟවල් දෙක අතරේ කිසිම ඉඩක් නැති වෙන තරමට දෙන්නා ලං වෙලා හිටියා.
විනාඩි කීපයකට පස්සේ දෙන්නම ඈත් උනා.ශාන් එයාගේ නලල රසිඳුගේ නලලෙන් තිබ්බේ ලොකු හුස්මක් පහලට දාන ගමං.
"රසිඳු මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා.මාත් එහෙම තමා මාත් ආදරෙයි.ඒත් මට හිතෙනවා මම නැතුව ඔයාට මාත් එක්ක ඉන්නවට වඩා සතුටින් ඉන්න පුලුවං වෙයි කියලා"
රසිඳු ශාන්ගේ කම්බුල් දෙකෙන් අල්ලගෙන එයාගේ ඇස් දිහා බැලුවා.
"නැ පිස්සුද මොනාද මේ කියන්නේ.මම ඔයත් එක්ක මෙහෙම ඉන්න කොච්චර කල් බලං හිටියද? ඔයා නැතුව තමා මම මෙච්චර කල් හිටියේ මම සතුටින්ද හිටියේ ආ..හ් ශාන්.ඔයා මෙහෙම මගේ අත් දෙකට මැදි වෙලා ඉන්න තප්පරේ මට කොච්චර සතුටක් දැනෙනවද කියලා ඔයා දන්නවද? මං ගාවින් ඉන්න ශාන් අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවං."
රසිඳු කියපු දේවල් නිසා ශාන්ගේ ඇස් වල කඳුලු පිරීගෙන ආවා.ඒත් ඇත්තටම ඒ සතුටු කඳුලු.
DU LIEST GERADE
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romantikපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...