ප්‍රථම ප්‍රේමය ඔහු විය.
6කොටස.
එදා දවස ගෙවුනේ චමින්ද මාමලගේ ගෙදර අස් කරලා දාන එකත් එක්ක. වටපිටාවේ වැවිලා තිබ්බ පඳුරු ගස් ඔක්කොම සුද්ද කරලා දාලා. ගෙදර ඇතුලත් සුද්ද කරන්න කට්ටිය අමතක කරේ නෑ.
චමින්ද මාමා ගමේ හරි හොඳට ජීවත් උන මනුස්සයෙක්.හෙන ලොකු කම තමා හැබැයි හැමෝටම උදවු කරා ඒ නිසාම අද ගමේ කට්ටිය සැරින් සැරේට ඇවිත් චමින්ද මාමට කතා කරලා ගියා.
ශාන්,රසිඳු දෙන්නත් අස් පස් කරලා දාන්න පොඩි උදවුවක් දුන්නා.
අන්තිමට තිබ්බ කොල ප්ලාස්ටික් කඩදාසි වගයක් එහෙම එක තැනක ගොඩ ගහලා ගිනිතියලා දෙන්නා දුම් ක කා එතන ඉස්සරහට වෙලා හිටගෙන හිටියේ සීතල යන්නත් එක්ක.
මහන්සි පිට ඉද්දී දෙයියෝ දුන්නා වගේ අංජලී අක්කා දෙන්නට කිරි දෙකකුත් හදාගෙන බිස්කට් වගේකුත් අරගෙන එතනය ආවා.ඉශිත් ඒ පස්සෙන්ම බිස්කට් හයහතක් අතෙත් අරගෙන දෙක තුනක් කටේත් ඔබාගෙන කිරි එකත් බිබී ආවා.
"අක්කේ අයි ලව් යූ ඕයි.කෑමක් ඕන වෙලාවට ඔයා හැමවෙලාවෙම කෑම අරගෙන එනවා"
රසිඳු බටර් පාර ගාන ගමං කිරි එකක් අතට ගත්තා.
"හනේ කට වහං හිටපං රසඳු බටර් නම් ලෝඩ් පිටිං ගෙනල්ලා බාන්නේ උඹට මොනා හරි ඕන උනාම".
දෙන්නටම කිරි එක දීලා අංජලී අක්කා ගස්සගෙන ගියා.
"ඇද්ද තොට 🤣 හ හා . දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටු."
ඒක කියනකොටම මහා හයියෙං ගිනිගොඩේ තිබ්බ දෙයක් පුපුරලා ගියා.ඉශී,ශාන්,රසිඳු තුන් දෙනාම කෝප්ප තුන බිමට අතෑරුයා.රසිදු කෙලින්ම ශාන්ගේ ඉනේ.
ශානුත් රසිඳුව උස්සගෙන හිටියේ බිමට දාන්න බැරි කමට.
අංජලී අක්කත් දෙයියනේ කියලා බය උන පාර tray එකේ තිබ්බ කිරි කෝප්ප ටික හලාගෙන තිබ්බා.
"අම්මෝ හ හ හ හාඅ 🤣🤣🤣 දෙයියනේ මගේ බඩත් රිදෙනවා යකෝ"
උන දේ කාටවත් හිතාගන්නත් බෑ.හැබැයි හැමෝටම බඩ පැලෙන්න හිනා.හැබැයි කිරි තුන නම් අපරාදෙ
VOCÊ ESTÁ LENDO
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...