ප්‍රථම ප්‍රේමය ඔහු විය
8 කොටස
ශාන්ට මොනා කියන්නද කියලා හිතා ගන්න බැරි උනා.රසිදු එක පාරම කෝල් එකක් ආවා වගේ ෆෝන් එක කනේ තියාගත්තා.ඒත් ශාන් හොඳටම දන්නවා ඒක බොරුවක් කියලා.
"ආහ් මොකක් හරි හරි මට විනාඩි 10ක් දියන්කෝ මම එන්නම්"
එහෙම කියලා ෆෝන් එක කට් කරපු රසිඳු මූනට හිනාවකුත් අරගෙන මෙහෙම කිවුවා.
"ම්ම් මගේ යාලුවෙක්ට පොඩි කරදරයක්ලු මට යන්න වෙනවා. පස්සෙ දවසක එකට කමු හොඳේ."
දෙන්නටම බායි කියපු රසිඳු එතනිං නැගිටලා යන්න ගියා.
නැගිටලා යන රසිඳු පස්සෙන් යන්නත් බැරුව. මෙතන වාඩි වෙලා ඉන්න නේහවත් තනිකරන්න බැරුව ශාන් අසරණ වෙලා යන රසිඳු දිහා ඔහේ බලාගෙන හිටියා.
"ඒයි මොකෝ?? ඇයි ඔය මූනත් එක්ක අමුතු වෙලා"
නේහ ශාන්ගෙන් ඇහුවා.
"ආහ් නෑ නෑ.ඔයා කන්නකෝ ඉක්මනට මට වැඩ වගයක් තියනවා ඉක්මනට යන්න ඕන අද ඒකයි"
"ම්ම්ම් හරි හරි එහෙනම්.තාම ඕඩර් කරේ නෑනේ අපි යමු.මට බඩගින්නකුත් නෑ දැංමම"
"ආහ් හරි එහෙනම් මම යනවා බායි.."
එහෙම්ම නැගිටපු ශාන් රසිදුගේ පස්සෙන් දිවුවා.
ශාන්ට ඒත් රසිඳු හොයාගන්න බැරි උනා.ආපහු කෝල් කරත් රසිඳු එයාගේ ෆෝන් එක ඕෆ් කරලා දාලා තිබ්බා.
ශාන් ගෙදර ගියාට පස්සේ රසිඳුලගේ ගෙදරටත් ගියා ඒත් රසිඳු නම් පේන්න හිටියේ නෑ.ගෙදර වෙන කවුරුත් හිටියෙත් නෑ.
"කොහෙද මේකා ගියේ.ඒ පාර නම් මාත් එක්ක හොඳටම අවුලෙන්ද කොහෙද ශිට් මට කොහොමද අමතක උනේ ඒ වගේ දෙයක්. පැය 24ම එකට ඉන්න එකා කන්න අකමැති දෙයක් වත් මතක තියාගන්න බැරි හැටියක් මට"
ශාන් සැරින් සැරේට රසිඳුට කෝල් කරත් රසිඳුගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ.
................................................................................
හවස් වරුවේ වොශ් එකක් එහෙම දාගෙන ශාන් පොත් මේසෙන් වාඩි උනේ එයාට තව විභාගෙට තියෙන්නෙත් මාස 7ක් වගේ කාලයක් නිසා.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...