(ඔයාලට මුලින්ම.දෙයක් කියන්න ඕන අද කතාව පටං ගන්න කලිං.සමහර මිනිස්සුන්ට comeout වෙන එක, පස්සේ තමං කැමති කෙනෙක්ට ආදරේ කරන එක ගොඩාක් ලේසි වෙනවා වගේම තව කෙනෙක්ට ඒක ගොඩාක් අමාරු වෙන්න පුලුවං. ඇත්තටම අද සමාජේ ගොඩක් අය ඉන්නේ ශාන්ගේ තත්වේ තමා. සමාජේ තියන නීතීන් බිඳින්න තියන බය තමා එයාට තියෙන්නේ.
එයා ආත්මාර්තකාමී වගේ තමයි.ඒත් අසරණයි.ඒ බය නිසාම එයාලා ආත්මාර්තකාමී වෙනවා.හරියට ශාන් වගේ)...............................................................................................................................
"මොකක් හරි අවුලකද ඔයා ඉන්නේ??"
ආපු වෙලාවේ ඉඳං ලොකු කල්පනාවක වැටිලා ඉන්න ශාන්ගේ ඔලුව අත ගාන හමං නේහා ඇහුවා.
"හ්ම්ම් නෑ.අවුලක් නෑ"
ශාන් නේහගේ ඇස් මගාරින හමං කිවුවා.
නේහා ශාන්ගේ කම්බුල් දෙකෙන් අල්ලලා ශාන්ගෙ මූන එයාගේ පැත්තට හරවගත්තා."බලන්න මං දිහා.... ඔයාට කියන්න බැරි නම් කමක් නෑ.ඒත් දුක් වෙන්න එපා හැමදේම හරියයි"
නේහා ශාන්ව එයාගේ පපුවට තුරුල් කරගන්න ගමං කිවුවා.
"තෑන්ක්ස් නේහා."
නේහගේ වචන වලිං හිත නිවුව නිසාම ශාන් කිවුවා.
"තව සති දෙකකින් විතර අපි යන්න ඕන නේද?"
"හ්ම්ම් ඔව් මට නම් නිකං ඉවසිල්ලක් නෑ වගේ කැම්පස් එකට යනකල්"
නේහා හිනා වෙවී උද්‍යෝගයෙන් කිවුවා.
"මටත් එහෙම තමා.ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද මන්දා"
නේහගේ පපුවට නිවීසැනසිල්ලේ හේත්තු වෙලා ඉන්න ගමං ශාන් කිවුවේ හිතේ තිබ්බ දේවල් මොහොතකට අමතක කරන ගමං.
...........................................................................................................................
මේ අතරේ රසිඳු හිටියේ අම්මා එක්ක බරපතල කතාවක.
"අම්මා මම අක්කා ගාවට යන්නද?"
"දැං ඇයි උඹත් මේ යන්න හදන්නේ '
අම්මා දුකින් වගේ ඇහුවා..
"නෑ අම්මා මට කැම්පස් එයි අනිවාරෙන්ම මම ආවොත් කොලඹ එකට තමා ඉල්ලන්නේ.අනිවාරෙන්ම මට එනවා කියලා ශුවර්"
ESTÁS LEYENDO
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...