Exam ඉවර වෙලත් ශාන් ඉස්කෝලේ අවසාන වතාවට අද යන්නේ එයාගේ head prefect badge එක බාර දෙන්න.
අද අලුතෙන් ඉස්කෝලේ ලොකු උත්සවයක් තියෙන්නේ අලුත ශිශ්‍ය නායක නායිකාවෝ පත් කරන්න.යුනිෆෝම් එකෙන් ඉස්කෝලෙට යන අන්තිම දවස.කොටින්ම ඉස්කෝලෙට ලමයෙක් විදිහට එන අන්තිම දවස.
.......................................................................................................
හිත ඇතුලේ මොකක්දෝ දෙයක් හිරවෙලා ශාන්ගේ හුස්ම හිර කරනවා වගේ හැඟීමක් ශාන්ට දැනුනා. හරියට නිකං ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු දේවල් වලිං දෙයක් දාලා යනවා වගේ.
ශාන් උත්සව ශාලාවේ ඉස්සරහම පේලියේ වාඩි වෙලා හිටියේ එයාට වේදිකාව උඩට ආරාධනා කරන එක ඇහෙනකල්.
"අවසාන වශයෙන් අලුතින් පත් උන අපගේ ප්‍රධාන ශිශ්‍ය නායකයට ඔහුගේ බැජ් එක බාර දීමට හිටපු ප්‍රධාන ශිශ්‍ය නායක වන ශාන් නිමන්ත සොයුරාට ආරධනා කරනවා."
ශාන් නැගිටලා වේදිකාව උඩට ගිහින් එයාගේ නිල ඇඳුමේ ගහලා තිබ්බ බැජ් එක ගලවලා අලුත් ශිශ්‍ය නායක තනතුර ගත්ත කෙනාගේ නිල ඇඳුමේ ඒක පැලැන්දුවා.
"ගුඩ් ලක් මල්ලි. හොඳට වැඩ ටික කරන්න"
ශාන් අවසානෙට කිවුවා.
අන්තිමට මයික් එක ගාවට ගියේ අවසානෙට එයාට කියන්න තියන වචන ටික කියන්න.
"සුබ දහවලක් ඔයාලා හැමෝටම. විදුහල්පති තුමිය,ආචාර්‍ය මණ්ඩලය වගේම මේ සහෝදර සහෝදරියෝ හැමෝගෙන්ම අවසරයි....
අද මට ගොඩක් විශේශ වගේම ගොඩක් දුක හිතෙන දවසක්. මගේ පාසල් ජීවිතේ අන්තිම දවස තමා අද දවස.අවුරුදු 13ක්ම මම ආවේ මේ ඉස්කෝලෙට. මගේ ජීවිතේ වැදගත් මතක ගොඩක් තියන තැනක් මේක.ඒවගේම මම ගොඩක් ආදරේ කරන තැනක්.
ඔයාලටත් කවද හරි මේ ඉස්කෝලේ ගැන ලස්සන මතක ඉතුරු වෙයි කියලා මම හිතනවා.අන්තිමට මට කියන්න තියෙන්නේ පාසල් ජීවිතේ හැම මිනිත්තුවක්ම විශේශ කර ගන්න.මොකද ඔයාලටත් මං වගේම අවසාන දවසක් එනවා.ස්තූතී මගේ කතාව අහගෙන හිටියට."
ශාන් අන්තිමට ස්ටේජ් එකෙන් බැහැලා පහලට ආවා.එනකොටත් රසිඳු එතන පහලට වෙලා හිටියේ ශාන් දුකෙන් ඉන්නේ කියලා දන්න නිසා.
.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...