ප්‍රථම ප්‍රේමය ඔහු විය
11 කොටස
රසිඳු එලියෙන් වාඩි වෙලා හිටියේ ඩොක්ටර් බෙහෙත් කරලා එලියට එනකල් .පැයක් විතර යනකොට ඩොක්ටර් එලියට ආවා.
"ඩොක්ටර් !!"
ඩොක්ටර් එලියට එනකොටම රසිඳු ඩොක්ටර් ගාවට ගියා.
"ම්ම් අතට තමා ගොඩක්ම ඩැමේජ් වෙලා තියෙන්නේ අත කැඩිලා.ඒ ඇරෙන්න පොඩි තුවාල ටිකක් තියනවා බය වෙන්න දෙයක් නෑ.
රසිඳු සැනසුම් සුසුමක් පහලට දාලා හිමීට ඇවිදගෙන ගියේ ඇඳේ ඇස් දෙකත් වහගෙන නිදාගෙන ඉන්න ශාන් ගාවට.
හිමීට එයාගේ අත ශාන්ගෙ නලලෙන් තිබ්බ රසිඳු ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා.තප්පර දහයකට වඩා රසිඳුට නිදහසේ ඉන්න උනේ නෑ.මොකද එතනට අඬාගෙන කෑ ගහගෙන ආවේ ශාන්ගේ අම්මා.
"අනේ චූටි මහත්තයා .. මොකක්ද බං මේ කරගත්තේ"
අම්මා ආපු ගමං ශාන්ව බදාගත්තා.
"නැන්දේ බය වෙන්න එපා තව ටිකකින් ඇහැරෙයි."
රසිඳු ශාන්ගේ අම්මගේ උරහිසට තට්ටු කරන ගම කිවුවා.
අම්මා එතන ටික වෙලාවක් ඉඳලා ගියේ ගෙදර තව පොඩි කෙනෙකුත් ඉන්න නිසා.රසිදුත් ටිකක් එතනිං එහාට ගියා.ඒ වෙලාවේ ශාන් ඇස් දෙක ඇරියා.ඇත්ත්ටම මෙච්චර වෙලා හොඳ සිහියෙන් හිටියත් ශාන්ට රසිඳුට මූන දෙන්න උවමනාවක් තිබ්බේ නෑ.
"මොකක්ද මම මේ කරගත්තෙ ශිට්... හොඳ වෙලාවට වම් අත උනේ ඒත් 😖"
ශාන් එයාටම එයාගේ හිතෙන් බැන ගත්තා.
"මූ මොකා එක්ක මොනා කරත් මට මොකද? ඒක එයාගේ කැමැත්ත ඒක නිසා ඇයි මම එච්චර කලබල උනේ "
ශාන්ගේ හිත ගොඩාක් කලබලයි.ඒ වගේම අම්මා තාත්තා එයා ගැන ගොඩක් වද වෙන එක ගැන ශාන්ගේ හිතේ තිබ්බේ පුදුම වරදකාරී හැඟීමක්.
ඔහේ වහල දිහා බලාගෙන ඉද්දී ශාන් ගාවට රසිඳු දුවගෙන ආවා.
"ශාන් !!. මොකක් හරි අමාරුවක් තියනවද?"
රසිඳු ආපු ගමං ශාන්ගේ ඔලුව අතගාන ගමං ඇහුවා.
ශාන් මොකුත් නොකියා ඔලුව දෙපැත්තට වැනුවා.
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...