27 කොටස.

1.1K 176 9
                                    

නෙත්මි ඇවිත් නේහගේ කාඹරේ දොරට තට්ටු කරා.

"අක්කේ. අක්කේ"

නෙත්මි දොරට විනාඩි දෙකක් විතර තට්ටු කරාට පස්සේ නේහාඇවිත් දොර ඇරියා.

වෙනදා වගේම ඒ මූනේ ආදරනීය හිනාවක් තිබ්බා.ඒත් ඒ ලස්සන මූන මලානික වෙලා ගිහින් තිබ්බා.නේහා එහෙම්ම නෙත්මිගේ ඇඟට කඩාගෙන වැටුනේ නෙත්මිව තප්පර ගානකට බය කරන ගමං.

"ආහ් මට හරි මහන්සී"

නේහ නෙත්මිව බදාගන්න ගමන් කිවුවා.

නෙත්මිට දැනුනා එහාගේ හදවත වේගෙන් ගැහෙන්න ගන්නවා.කවදාවත් නැතුව නෙත්මිගේ කම්බුල් රතු උනේ නේහගේ පපුව එයාගේ ඇඟට තදවෙද්දි දැනුන අමුතු හැඟීම නිසා.

නෙත්මි නේහව වාත්තු කරගෙන එයාව ආපහු ඇඳේ නිදි කෙරෙවුවා.

නේහා තාමත් ඇදගෙන හිටියේ එයා කැම්පස් ඇඳගෙන ගිය ඇඳුමමයි.

"අක්කේ ඔයා වෙන අඳුමක් දා ගන්නවද? ඕක අමාරුයිනේ."

"හ්ම්ම්"

නේහා වචනයක් වත් කතා නොකර උත්තර දුන්නා.

"අක්කේ නැගිටින්න ඇඳුම ගලවන්න"

නෙත්මි හිතුවේ නේහා නැගිටලා වෙන ඇඳුමක් ඇඳගනී කියලා.ඒත් නේහගේ නලලට අත තියපු නෙත්මිට තේරුනා නේහට එච්චර දෙයක් කරගන්න පන නෑ කියලා.

"සොරි අක්කේ.. මම මේක කරනවට"

නෙත්මි නේහා ඇඳලා හිටපු blouse එකේ බොත්තම් එකින් එක ගලවන්න ගත්තා.නෙත්මිටම පේනවා එයාගේ අත් වෙවුලනවා කියලා.

"ශිට් ඩෑම් ෆක් 😫. ඇයි මම දැං මේක කරන්නේ"

ඇස් දෙක වහගෙන හොඳ හුස්මක් ගත්ත නේහා කොහොම හරි නේහගේ බ්ලෞස් එක ගලවලා අයින් කරා.ඒත් නේහා දිහා බලන්න නෙත්මිට හිත හදාගන්න බෑ වගේ.එහෙම කරොත් ඒක කරන වැරැද්දක්ද?
නෙත්මිට හිතුනා.

ඒත් කොහොම හරි මේක කරන්නත් එපැයි.නේහගේ ඇඳුම් තියන තැන බලද්දිම නෙත්මිට තේරුනා නේහා පහසුවට අඳින ඇඳුම මොකක්ද කියලා.

දැලි රෙද්දක් ගානට විනාස වෙලා හිල් වෙලා තියන තඩි t shirt එකකුයි.ඒක ඇන්දම පේන්නේ නැති පොඩි ශෝටකුයි ඒකේ උඩින්ම තිබ්බා.ඒක දැක්ක ගමං නේහට හිනා ගියා.

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlWhere stories live. Discover now