part 33

1.1K 165 6
                                    

තාත්තා ගෙදරින් යන්න ගියේ ආපහු එක පාරක්වත් හැරිලා බලන්න හිතන්නෙවත් නැතුව.

ශාන් එයා ඉන්න තැනින් විනාඩි කීපයක්ම වාඩි වෙලා හිටියේ ඇත්තටම එයා කොහෙද යන්නේ කියලා හිතා ගන්න බැරි උන නිසා.හැමෝම සන්සුන් උනාට පස්සේ එයාගේ කාඹරේට ගිය ශාන් ඉස්සර අම්මා බැන බැන ෆයිල් එකකට දාලා එකතු කරපු එයාගේ සහතික වගේකුයි.එයාගේ අධ්‍යාපනික සහතික ටිකයි ඇඳුම් ටිකකුයි බෑග් එකකට දාගෙන එලියට බැස්සා.උපාධියකුත් අතේ තියාගෙන එලියට බැහැපු එයාට යන එන මං නැති වෙන්නේ නෑ කියලා ශාන් දැනගෙන හිටියා.

අන්තිමට බස් එකක බදුල්ලටම ගිහිල්ලා නැවතුන ශාන් හිමීට හිමීට පාර්ක් එක පැත්තට ඇවිදගෙන ගියා.ටිකක නිදහසේ වාඩි වෙලා ඉන්න එක තමා ශාන්ට දැං ඕන උන එකම දේ.ඉස්සරහට එයා මොකක්ද කරන්න ඕන කියන එක ගැන ශාන්ට කිසිම අදහසක් තිබ්බේ නෑ.

තවත් හවස් වෙනකල් යන්න තැනක් නැති වෙයි කියලා හිතුන නිසාම ශාන් කරේ පොඩි කාඹරයක් අරගෙන නතර උන එක.ශාන් හිතා ගත්තා ඊලඟ දවසේ කොලඹ යන්න. මොකද ශාන් දැනගෙන හිටියා එහෙන් ජොබ් එකක් හොයාගන්න පුලුවං කියන එක.

ශාන් ෆෝන් එක අරගෙන නිකමට වට්සැප් එක පැත්තට ගියා.රසිඳුගෙන් මැසේජ් දෙක තුනක් ඇවිත් තිබ්බා.

Mokada karanne shaan??
Sorry appa .. dannawane me dawas wala finals.
🥺🥺
Kuppima thama ithin me dawas wala.
Oya kala bila bole wage inna. Mama ikmanata ennam ussan yanna oyawa.

ශාන්ට අන්තිම මැසේජ් එක දැකලා නම් හිනා ගියා.

Hari hari hodata wada tika karaganna mama heta enawa colombo.
Good night ❤️

ශාන් මැසේජ් එකක් දාලා ෆෝන් එක පැත්තකින් තිබ්බා.ඒත් මූනෙං හිනාව නම් අයින් උනේ නෑ.

...........................................................................................................

මේ අතර...

"අක්කේ අනේ සොරි අක්කේ"

නෙත්මි එයගේ දිහා නොබලා මගෑරලා යන නේහගෙන් සමාව ගත්තා.

"මාත් එක්ක කතා කරන්න එපා.ඔයා මේ හැමදේම දැනගෙන ඉඳලත් මට එක වචනයක් කිවුවේ නෑ"

නේහා අවසානෙට නෙත්මිට බැන්නා.

"දැං යන්න මෙහෙ ඉඳලා වැඩක් නෑනේ නේද? ඔයාට කැම්පස් එකේ තව වැඩ ඇතිනේ"

ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala BlWo Geschichten leben. Entdecke jetzt